අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නූතන තොරතුරු තාක්ෂණයෙන් ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වෙයි - ටැබ් පරිගණක ප්‍රදානය කෙරේ

    අගෝස්තු 23, 2016

    නූතන තොරතුරු තාක්ෂණයෙන් ජනමාධ්‍යවේදීන් සවිබල ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීමේ පළමු අදියර  අද (23) පාර්ලිමේන්තුවේ දී සිදු විය.

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් පරිගණක යන්ත්‍ර ප්‍රදානය සිදු කෙරිණි.


    පළමු අදියරේ දී පාර්ලිමේන්තුව වාර්තා කරන මාධ්‍යවේදීන් වෙත  ටැබ් ප්‍රදානය සිදු විය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබුණු අතර ටෙලිකොම් මොබිටෙල් ආයතනය අනුග්‍රහය ලබාදී තිබුණි.

    මේ අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා,  රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා,ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ කළමනාකරු ඉසුරු දිසානායක මහතා ඇතුළුව ජනමාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya