අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කි‍්‍රයාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ සමුළුව අගෝ:25

    අගෝස්තු 23, 2016
    කොළඹ කි‍්‍රයාදාමයේ (Colombo Process) රටවල අමාත්‍යවරුන්ගේ 5 වන සමුළුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝ:25 ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වේ. 
     
    කොළඹ කි‍්‍රයාදාමයේ රටවල වර්තමාන සභාපතීත්වය ශ‍්‍රී ලංකාව දරණ අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වර්තමාන සභාපතිනියයි. 
     
    "සෞභාග්‍ය සඳහා ජාත්‍යන්තර ශ‍්‍රම විගමනය, එක්ව කටයුතු කිරීමෙන් වටිනාකම් එකතු කිරීම" මෙවර සමුළුවේ තේමාවයි. ආසියානු සම්භවයක් සහිත රටවල් සඳහා වන විදේශ රැකියා නියුක්තිය, කළමනාකරණය සහ ගිවිසුම්ගත ශ‍්‍රමය පිළිබඳව උපදේශාත්මක කි‍්‍රයාදාමය ලෙස මෙම සමුළුව පැවැත්වේ. 
     
    මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් ඇතුළත් අතර ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, ශ‍්‍රී ලංකාව, තායිලන්තය හා වියට්නාමය සහභාගි වේ. මෙයට අමතරව, කාම්බෝජය ද සහභාගි වේ. 
     
    කොළඹ කි‍්‍රයාදාමයේ ප‍්‍රකාශිත අරමුණ වනුයේ, ශ‍්‍රම විගමනයේ උපරිම ප‍්‍රතිලාභ නෙළා ගැනීම පිණිස සාමාජික රටවල සංවාදයක නිරත වීමට හා ගිවිසුම්කර ශ‍්‍රම විගමනයට අදාළ ගැටලු පිළිබඳ ව සහයෝගයෙන් කටයුතු කිරීමට නෛතික බැඳීමකින් තොර හා අවිධිමත් පරිසරයක් නිර්මාණය කිරීමයි. 
     
    මෙම රටවල් සියල්ලම තම පෞද්ගලිකත්වය පවත්වා ගන්නා අතරම විගමන චක‍්‍රය අතරතුරදී එනම්, සම්භව රටේදී මෙන්ම ප‍්‍රධාන වශයෙන් මැද පෙරදිග පිහිටි ගමනාන්ත රටේදී මුහුණ දෙනු ලබන පොදු ප‍්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්‍ෂා කරයි. 
     
    ජාත්‍යන්තර විගමණික සංවිධානය (IOM), ස්විස් සංවර්ධන ආයතනය (Swis Agency for Development & Corporation- SDC) කොළඹ කි‍්‍රයාදාමයේ ප‍්‍රධාන සත්කාරක ආයතන වේ. විදේශ රැකියා අමාත්‍යංශය මෙම සමුළුව සංවිධානය කරයි. කොළඹ කි‍්‍රයාදාමයේ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ පිහිටුවා තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya