අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල් කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උළෙල

    අගෝස්තු 22, 2016
    2016 මෙවර යල් කන්නයේ වී මිලදී ගැනීමේ සමාරම්භක උත්සවය රාජාංගනය ගොවි ජනපදයේ වරාවැව වී ගබඩාවේදී ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා අතින් අද (22) සිදුවිය. 
    මේ සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති එන්.බී. දිසානායක, ගල්ගමුව ආසන සංවිධායක පළාත් සභා මන්ත්‍රී මොහාන් පෙරේරා, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු මැති ඇමතිවරු සහභාගී විය.
     
    2016 යල් කන්නය සඳහා නාඩු රු. 38.00 ටත්, සම්බා රු. 41.00 ටත් හා කිරී සම්බා රු. 50.00 ටත් බැගින් වී මෙට්‍රික් ටොන් 120,000 මිලදී ගැනීමට නියමිතය. 
     
    මේ සඳහා රජය රුපියල් මිලියන 4,600 ක් වැය කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය. වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන 50 ක් ආරම්භ කර ඇති අතර අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, හම්බන්තොට, දිස්ත්‍රික්කයන්හී අද දින ගබඩා 50 ක් විවෘතව ඇති බවත් මේ සතිය තුළ තවත් ගබඩා 240 ක් තුලදී වී මිලදී ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya