අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැදරට කෘෂිකර්ම සහ පශු සම්පත් ප්‍රදර්ශනය - 2016

    අගෝස්තු 22, 2016
    මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන මැදරට කෘෂිකර්ම සහ පශු සම්පත් ප‍්‍රදර්ශනය  නුවරඑළිය සින්සිටා නව නගරශාලා පරිශ‍්‍රයේදී පසුගියදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
    මෙම ප‍්‍රදර්ශනය පළාතේ පාසල් දරුදැරියන්, තරුණ ප‍්‍රජාව, ගොවි ජනතාව සහ පළාතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා කෘෂි ක්ෂේත‍්‍රයේ දැනුම ලබාදීම සහ කෘෂි ව්‍යාපාර ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබිණි.
     
    නුවරඑළිය, මහනුවර සහ මාතලේ දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි තෝරාගනු ලැබූ හොඳම කිරිගොවිපොළවල් තුනට සහ හොඳම සත්ව පාලන ව්‍යවසායකයින් තිදෙනාට තිළිණ ප‍්‍රදානය කිරීම හා කිරිගොවීන් සඳහා කිරිදෙවීම යන්ත‍්‍ර සහ තණකොළ කැබලි කිරීමේ යන්ත‍්‍ර ප‍්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
     
    අමාත්‍ය එස්.බී. දිසානායක, රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් සහ මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය එම්. රාමේෂ්වරන් මහතා ඇතුළු පළාත් සභා මැති ඇමතිවරු රැසක් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    AP/DMU-Nuwaraeliya
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya