අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික ලොකු ලූනු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    අගෝස්තු 21, 2016

    දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණෙන්, ආනයනික ලොකු ලූනු මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

     ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා අය කළ රුපියල් 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.  2016 අගෝස්තු මස 19 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට නව බදු සංශෝධනය ක්‍රියාත්මක කෙරේ.

    ශ්‍රී ලංකාවට මාසිකව ලොකු ලූනු මෙට්‍රික් ටොන් 12,000ක් පමණ ආනයනය කෙරේ.  ඉදිරි යල කන්නයේ දී දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වනු මෙට්‍රික් ටොන් 50,000ක් පමණ වෙළෙඳ පොළට නිකුත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම ගොවීන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීම සිදු කර ඇත.

    2016 ජූලි මස 14 වැනි දා රජය මඟින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 78කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya