මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් සහ එළවළු මිල අඩුවීමේ ප්‍රවණතාවක්

    අගෝස්තු 19, 2016

    මෙම දිනවල වෙළඳපලේ සහල් සහ එළවළු මිල ගණන්වල අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

    සාමාන්‍යයෙන් වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ අගෝස්තු, සැප්තැම්බර් හා ඔක්තොම්බර් යන මාසවලදී වෙළඳපලේ එළවළු මිල ගණන්වල අඩුවීමක් දක්නට ලැබෙන බව එම ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂී ව්‍යාපාර අංශයේ ප්‍රධානී ඩබ්.එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කරයි.
    උඩරට සහ පහත රට යන ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශ දෙකෙහි සැලකිය යුතු නිෂ්පාදනයක් වෙළඳපලට ලැබීම, මෙම කාල සීමා තුළ මෙසේ එළවළු මිල ගණන් අඩුවීමට හේතු වී ඇති බවත්, මෙම මිල පහළ යාමේ තත්ත්වය ඔක්තොම්බර් මස පළමු සතිය වනතුරු පැවතිය හැකි බවත් ඒ මහතා අවධාරණය කරයි.


    ඒ අනුව එම ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති මෙම සතියට අදාළ ආහාර තොරතුරු විවරණයට අනුව පසු ගිය සතියට සාපේක්ෂව මෙම සතිය සසඳා බලන විට කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 70 සිට රුපියල් 62.50 දක්වා රුපියල් 7.50කින් ද, බිට්රූට් රුපියල් 71.92 සිට රුපියල් 50.83 දක්වා රුපියල් 21.09 කින් ද , තක්කාලි රුපියල් 45 සිට 35 දක්වා රුපියල් 10කින් ද බණ්ඩක්කා රුපියල් 27.50 සිට රුපියල් 17.50 දක්වා රුපියල් 10 කින් ද අඩු වී ඇත.


    එමෙන්ම වම්බටු කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 67 සිට රුපියල් 60 දක්වා රුපියල් 7කින් ද මාළු මිරිස් රුපියල් 148.75 සිට රුපියල් 136.25 දක්වා රුපියල් 12.50 කින් ද ,වට්ටක්කා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 80 සිට රුපියල් 62.50 දක්වා රුපියල් 17.50 කින්ද ,කරවිල රුපියල් 68.33 සිට රුපියල් 47.50 දක්වා රුපියල් 20.83කින් ද අඩු වී ඇත.


    තවද පතෝල  කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල්  52.22 සිට රුපියල් 40 දක්වා රුපියල් 12.22 කින් ද, මුරුංගා රුපියල් 65.71 සිට රුපියල් 51.11 දක්වා රුපියල් 14.60 කින් ද, අළු කෙසෙල් රුපියල් 71.11 සිට රුපියල් 60 දක්වා රුපියල් 11.11 කින් ද, අමු මිරිස් රුපියල් 245 සිට රුපියල් 181.25 දක්වා රුපියල් 63.75 කින්ද අඩු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya