අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආහාරවල මේදය සහ ලුණු මට්ටම සඳහන් කරන වර්ණ සංකේත හඳුන්වාදීමට පියවර

    අගෝස්තු 20, 2016

    පණි බීම වල සීනි මට්ටම සඳහන් ට්‍රැෆික් ලයිට් ක්‍රමවේදය මෙන් ආහාරවල මේදය සහ ලුණු මට්ටම සඳහන් කිරීමටද ට්‍රැෆික් ලයිට් ක්‍රමවේදය යොදා ගන්නා බවත් එය ඉදිරි මාස තුන තුළ ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (19) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


    නෛතික ප්‍රතිපාදන අනුව ආහාරවල සීනි මට්ටම අවම කිරීමට යම් වැඩපිළිවෙලක් අඩංගු වෙනවා. සීනි මට්ටම ක්‍රියාත්මක කිරීම අගෝස්තු 01 සිට ක්‍රියාත්මකයි. එම දිනට පසු නිෂ්පාදනය කරන සියලු බීම වර්ගවල සිනි මට්ටම දැක්වෙන වර්ණ සඥා තිබිය යුතුයි.

    දැනට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ බීම වර්ගවලට පමණයි.  අනෙකුත් ආහාරවල මේදය සහ ලුණු ප්‍රමාණය  සඳහන් කරන වර්ණ සංඛේද ක්‍රමයක් අවශ්‍යයි. මේ සඳහා   කමිටුවක් පත් කරලා, මේ වැඩපිළිවෙලට සූදානම් වෙනවා.

    විශේෂයෙන් බෝ නොවන රෝග පලනය, දියවැඩියාව අවම කරගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. හෝටල්වල තේ පාන සඳහා සීනි වෙනම තැබීමට කටයුතු කළ යුතුය්. මෙම වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙනවාද යන්න පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සොයාබැලෙන බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya