අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුර ගමන් බස් රථ නවතා තබන ආපනශාලා,හෝටල් විශේෂ පරික්ෂාවකට - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අගෝස්තු 20, 2016

    දුර ගමන් බස් රථ නවතා තබන ආපනශාලාවල සහ හෝටල්වල සනීපාරක්ෂක පහසුකම් සහ ආහාර පානවල සෞඛ්‍ය ආරක්ෂිත බව පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.


    මෙම විශේෂ වැඩසටහන අගෝස්තු මස 22 දින සිට ඇරඹෙන ජාතික ආහාර සුරක්ෂිතතා සතිය පුරා දිවයිනම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන බවත් ඉන් අනතුරුව සෑම මසකටම වරක් ක්‍රියාත්මක කරන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.


    දුර ගමන්සේවා බස් රථ නතර කෙරෙන ආපනශාල සහ හෝටල්වල සනීපාරක්ෂක කටයුතු හා ආහාර, ආහාර සකස් කිරීම, ආහාරවල සෞඛ්‍ය ආරාක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි බොහොමයක් ලැබී තිබෙන බව කී  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරය, මෙම ස්ථාන පරීක්ෂා කිරීමට මහජන පරීක්ෂකවරුන්ට උපදෙස් ලබදී තිබෙන බවද කීය.


    මෙම ආපන ශාලා සහ හෝටල් පිළිබඳව කිසියම් පමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත් පාරිභෝගික ජනතාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහර පාලන ඒකකයේ දූරකතන අංක,2694310 හෝ 2694311 අංක ඇමතිය හැකි බවද ඒ අනුව අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya