මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් ඇරඹේ

    අගෝස්තු 20, 2016

    ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය අගෝස්තු මස 22 දින සිට 29 දින දක්වා සතියක් මුළු දිවයිනම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    ජාතික ආහාර සුරක්ෂිතතා සතිය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    ආහාර සුරක්ෂිතතා සතිය තුළදී ආහාර පරීක්ෂාව, ආපන ශාලා පරික්ෂාව, පාසල් ආපන ශාල පරික්ෂාව, සිදු කෙරෙන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය. මේවනවිට ක්‍රියාත්මක  සීනි මට්ටම කියැවෙන ලේබල්කරණ වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සොයාබැලීම, ආපනශාලාවල තේ පාන සඳහා සීනි වෙනම ලබාදීම ආදී කාරණා පරික්ෂ කෙරෙන බවත් සියලු සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බවත් වෛද්‍ය පාලිත මහීපාල මහත පැවසී ය.

    සියලු හෝටල් පරීක්ෂාව මෙම සතිය තුළ ක්‍රියාත්මක කෙරෙනවා. ජනතාව එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීම අඩුයි. අපිට තිබෙන අභියෝගය බෝ නොවන රෝග පාලනය කිරීමයි. සීනි පරිභෝජනය වැඩියි. ඒ නිසා ජනතාව දැනුවත් කිරීම ඉතාම වැදගත් යැයි ද  වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya