මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා අමාත්‍යවරියගේ නම භාවිතා කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අගෝස්තු 20, 2016

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුවිට ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට දුරකථනයෙන් අමතා අදාළ සැකකරු දන්වා ඇත්තේ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත ජපානයේ රැකියා ලබා දෙන බවත් සියළු කටයුතු සඳහා රුපියල් දොලොස් ලක්‍ෂයක් අවශ්‍ය වන බවත්ය. නීත්‍යානුකූලව සියළු කටයුතු කෙරෙන බවත් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක් අවශ්‍ය බවත් මෙම වංචාකරු පවසා තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාළ  සැකකරු අත්අඩංගුවට ගන්නා ලද බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.සැකකරු වරකාපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු නුගේගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර. ඒ අවස්ථාවේදී ඔහු භාරයේ තිබී පැමිණිලිකරුගේ ගමන් බලපත‍්‍රයද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු  ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙම වැටලීම සඳහා විමර්ශන ඒකකයේ කළමනාකරු චින්තක ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විමර්ශන ඒකකයේ ස්ථානාධිපති අර්ජුන මාහින්කන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක එන් යෝගේෂ්වරන්, පොලිස් විමර්ශන නිලධාරී එස්.ඩබ්. මුණසිංහ, කාර්යාංශ නිලධාරී කිත්සිරි අමරනාත් යන නිලධාරීහූ සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya