එහි බර ග්‍රෑම් 100 ක් ලෙස සඳහන් කර තිබූ නමුත් එහි සැබෑ බර ග්‍රෑම් 85 ක් බව හෙළි වී තිබේ. එසේම ග්‍රෑම් 190ක් ලෙස සඳහන් කර තිබූ තවත් පැකට්ටුවක සැබෑ බර ග්‍රෑම් 180ක් බව හෙළි විය. මෙලෙස සඳහන්ව තිබූ බිස්කට් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ සමාගමට සහ දිස්ත්‍රික් නියෝජිතයාට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩ මුදලක් නියම කර ඇත.
එසේම පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් බර සඳහන් කර දැනටමත් වෙළඳපළට නිකුත් කර ඇති බිස්කට පැකට් වහාම ඉවත්කර ගන්නා ලෙස ද නියෝග කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.