මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු දේශීය නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
පොලොන්නරුව ගල් විහාරය, ශිව දේවාලය, වටදාගෙය, ඇතුළු පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය වශයෙන් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බවත් රටේ සංස්කෘතික වටිනාකම් අනාගතයට උරුම කරදීම වෙනුවෙන් ලංකාවේ ක්‍රියාත්මක වන සංරක්ෂණ වැඩපිළිවෙළ විශේෂයෙන් ම අගය කරන බවත් ප්‍රකාශ කළය.
ඓතිහාසික පොලොන්නරුව නගරයේ සංස්කෘතික හා පුරා විද්‍යාත්මක වටිනාකම් පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් වන පොලොන්නරුවේ කෞතුගාකාරය නැරඹීමට ද බොකෝවා මහත්මිය එක් වූවාය.
විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, ශ්‍රී ලංකා-යුනෙස්කෝ ජාතික කොමිසන් සභාවේ සභාපතිවරයා වශයෙන් සහ යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවේ සාමාජිකත්වය දරමින් සිදුකරන කාර්යභාරය තමා අගය කරන බවත් බොකෝවා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම අවස්ථාව සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බොකෝවා මහත්මිය ඇතුළු දූත පිරිසට විශේෂ සමරු තිළිණ පිරිනැමීමක් ද මෙහි දී සිදු කෙරිණි.