බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද පස්වරුවේ පැමිණ එම පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවේ අධ්‍යාපන අමාත්‍ය හා ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති, යුනෙස්කෝ සංවිධානයේ විධායක සභික අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.
යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය මෙරට රැඳී සිටින කාලයේ දී ගරු ජනාධිපතිතුමන් ඇතුලු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග ද්වී පාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ලබන 17 වැනි දා දක්වා ඇය දවයිනේ රැඳී සිටින අතර වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගි වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.