අද කඩුවෙලට සුබ දවසක්. බොහෝ කාලයක් සැලසුම් කරලා නඩු හබ ආදී නොයෙක් නොයෙක් ගැටළු ගැටුම් මැද්දේ තිබිච්ච මේ වෙළඳපොළ සහ බස්රථ නැවතුම්පල ඉදිකිරීම් ආරම්භ කරන්නට අපට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපේ මේ බස්නාහිර මහා නගර අමාත්‍යාංශයෙන් තමයි මුළු රටේම නාගරික සංවර්ධනය කෙරෙන්නේ. ඒ අනුව අපි දැන් ආරම්භ කරලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය යටතේත්, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේත්, රට පුරාම සුඛිත පුරවර නමින් අපි නගර උප නගර 73 ක දැන් සංවර්ධන කටයුතු කරගෙන යනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ‘සුඛිත පුරවර’ වැඩසටහන යටතේ, නාගරික සංවර්ධන අධිකාරියේ කඩුවෙල නගර සංවර්ධන සැලසුමට අනුව, කඩුවෙල පොළ සහ අතිරේක බස් නැවතුම්පොලෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ඒ වගේම අපි ඉදිරි කාලයේදී අපේ මහා නගර සැලසුමේ පියවරෙන් පියවර, මේ වසරේ අපේ ඒ ආරම්භ කටයුතු ආරම්භ කරන්නට කටයුතු කරන බවත් කියන්න ඕනේ. විශේෂයෙන්ම අපි වරාය නගරය මූල්‍ය නගරයක් හැටියට, ඒ වගේම තාක්ෂණ නගරය පළමු පියවර අපේ තාක්ෂණ ඇමතිතුමා එක්කත් එකතු වෙලා අපි ඉදිරි කෙටි කාලය ඇතුළත තබන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ හැම දෙනාම දවන මේ ප‍්‍රවාහන ප‍්‍රශ්නයට පිළියමක් හැටියට ඒ මධ්‍යම ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
දැන් කොළඹ කියන්නේ තවදුරටත් ජනගහණය පදිංචි වෙන තැනක් නෙමෙයි. පහුගිය අවුරුදු 30 කාලය ඇතුළත කොළඹ නගරයේ ජනගහනය වෙනස් වෙලා නැහැ. 1991 දීත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. දෙදහස් දොලහෙදිත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස් දාහයි. එතකොට කොහේද නාගරීකරණය වෙන්නේ. නාගරිකකරණය වෙන්නේ මේ කඩුවෙල මාලබේ, හෝමාගම, කැස්බෑව ආදී ප‍්‍රදේශවල තමයි නාගරීකරණය වෙන්නේ. ඒ නිසා අපේ නාගරික සැලැස්මේ වැදගත් පියවරක් වන්නේ කුමක්ද කොළඹ තවදුරටත් අපේ අග නගරය හැටියට තියෙන කොට දෙවෙනි අග නගර ගණනාවක් මේ වටපිටාවේ ගොඩනැංග්වීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතනදි මේ කඩුවෙල ගැන කියනවා නම් රටේ දෙවෙනි අග නගරයක් ලෙස මේ කඩුවෙල, මාලබේ ප‍්‍රදේශය වැඩිදියුණු කිරීමට අපි ඉදිරි වසරේදි පියවර ගන්නා බව අපි ඔබ හැමට ප‍්‍රකාශ කරනවා.
විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා. මේ අධිවේගී මාර්ගයක් කඩුවෙලා හරහා ගමන් කරනවා. අපිඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. කොළඹ නගරය සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් කඩුවෙලට ගෙන එන්න. එහි පළවෙනි පියවර අපි කැළණි නව පාලමත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එහි දෙවන පියවරට ඉඩහසර විවෘත කරමින් ඉන්නවා. අපි හිතනවා ඉදිරි අවුරුදු පහ හය ඇතුළත ඒ කාර්යය අපට සඵල කර ගන්න පුළුවන් වෙයි කියලා. මේ මාලබේ කඩුවෙල සිට කොළඹ දෙසට තිබෙන විශාල මාර්ග තදබදය අඩු කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය සේවයක් මේ ප‍්‍රදේශය හරහා ඇති කරන්නත් අපි ඉදිරියේ සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව නියම දෙවෙනි අගනගරයක් ලෙස මේ කඩුවෙල වෘත්තීයවේදීන් විශාල පිරිසක් පදිංචිවෙලා ඉන්න ප‍්‍රදේශයක් හැටියට මේ කඩුවෙල ප‍්‍රදේශය දියුණු කරන්නට මාලබේ දියුණු කරන්නට, බත්තරමුල්ල දියුණු කරන්නට අපි කටයුතු කරන බව කියන්න ඕනේ.
ඒ වගේම කොළඹ නගරයේ පිහිටලා තියෙන සියළුම රාජ්‍ය ආයතන, ජනාධිපතිතුමාගේ කාර්යාලයේ සිට අග‍්‍රාමාත්‍යතුමාගේ කාර්යාලය සහ නිල නිවස ඇතුළු සියළුම රාජ්‍ය ආයතන 113 ක් අපි බත්තරමුල්ලට පියවරෙන් පියවර ගෙන එන්න කටයුතු කරනවා. ඒ අනුව, නියම පරිපාලන අග නගරය බවට බත්තරමුල්ල ශ‍්‍රී ජයවර්ධනපුර ප‍්‍රදේශය පත්වෙන බවත්, අපි බොහොම සතුටින් ඔබ හැමට ප‍්‍රකාශ කරන්න ඕනේ. ඒ අනුව මේ සියල්ලෙන්ම පේන්නේ මේ ප‍්‍රදේශය කොළඹටත් වඩා ශක්තිමත් දියුණු ප‍්‍රදේශයක් බවට පත්වෙන බවයි.
ඒ වගේම මේ වෘත්තීය ජනතාව ගැන කල්පනා කරලා බලලා මාලබේ සිට හෝමාගම දක්වා ප‍්‍රදේශය, අපි වෘත්තීය නගරයක් හැටියට, නවෝත්පාදන නගරයක් හැටියට, නව තාක්ක්‍ෂණවේදීන්, තොරතුරු තාක්‍ෂණ දැනුම පදනම් කරගත් තාක්ෂණවේදීන් , නැනෝ තාක්ෂණය, ඒ වගේම පරමාණුක තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය යනාදි සෑම ආකාරයකම තාක්ෂණයෙන් යුක්ත වූ ප‍්‍රදේශක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. ලබන මාසේ අපි බලාපොරොත්තු වෙනවා ඒ තාක්ෂණ නගරයේ පළවෙනි පියවර හෝමාගමින් ආරම්භ කරන්න. ඉතින් මේ විදිහට මේ ප‍්‍රදේශය පරිපූර්ණ වෘත්තීය නගරයක් විදිහට ඉදිරි කාලයේදී දියුණු කරන්නට අපි බලාපොරොත්තු වෙන බව ඔබ හැමට ප‍්‍රකාශ කරන්න ඕනේ.
ඒ වගේම කියන්න ඕනේ අපේ සංවර්ධනයේ වෙනසක් තියෙනවා. අපේ සංවර්ධනය මහජන සහභාගීත්වයේ සංවර්ධනයක්. එයට පුද්ගලයෝ, එයට එහෙම නැත්නම් පවුල්වල අයගේ ඕනෑ එපාකම්මත, ව්‍යාපාරික කොමිස් ගැත්තන්ගේ ඕනෑ එපාකම් මත තීරණය වන දෙයක් නෙමෙයි. අපි කිසිම අවස්ථාවක නැව් එන්නැති වරයාවල්, ගුවන් යානා එන්නැති ගුවන් තොටුපලවල්, වී වේලන්න, මුං වේලන්න අධිවේගී පාරවල්, අපි තනන්නේ නැහැ නැහැ. ජනතාවගේ සහභාගීත්වයෙන් ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පමණයි අපි ඒ සංවර්ධනය ඉෂ්ඨ කරන්න. ඒ වගේම අපි කිසිම කෙනෙක්ව බලහත්කාරයෙන්,බලය පාවිච්චි කරලා තමන්ගේ ඉඩම් කඩං වලින් අපි පලවා හරින්න කටයුතු කරන්නේ නැහැ.
මම ඉතාම සතුටු වෙනවා උසාවියෙන් ඉඩම පිළිබඳ ප‍්‍රශ්නය මාස 08ක් පමා කරද්දි මේ ඉඩම් අයිතිකරුවෝ මාව හම්බ වෙලා ස්වෙච්ඡුාවෙන්ම මේ ඉඩම්වලින් යන්න කැමැත්ත පළ කළා. ඒ අයට අපේ බොහොම උත්තමාචාරය මේ අවස්ථාවේදී මම පිරිනමනවා. මොකද අනෙක් හැමෝම පුරුදු වෙලා තියෙන්නේ බෝඞ් ලෑල්ල අරගෙන පාරට යන්න. බෝඞ් ලෑල්ල අරගෙන පාරට ගිහිල්ලා ඒ මාධ්‍ය ඉදිරියේ බොරු වීරයෝ පිරිසක් බවට පත්වෙලා මේ ප‍්‍රශ්න අවුල් කිරීමට තමයි අනෙක් හැම වෙලාවේම උත්සහ ගෙන තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක පරිත්‍යාගශීලිව ඉදිරිපත් වී ගැන මම ඒ ඇත්තන්ට මගේ ප‍්‍රමාණය පිරිනමනවා. ඒ වගේම මේ කර්යය සඳහා අපේ හිටපු නගරාධිපතිතුමා, විපක්‍ෂ නායකතුමා ඇතුළු මේ සියළුම දෙනාම, විශේෂයෙන්ම කඩුවෙල නගර සභාව දක්වපු කැපවීම ගැන අපි අපේ විශේෂ ගෞරවනීය ස්තුතිය ඒ අයට මේ අවස්ථාවේදී පළ කරන්න ඕනේ.
ඒ වගේම අපේ දෙවෙනි කාරණය තමයි ආදායම් උපදවන ආකාරයට තමයි අපි අපේ මේ ආයෝජන සිදු කරන්නේ. අද හු`ගාක් දෙනෙක් බදු ගැන ගතා කරනවා. බදු ගැන කතා කළ යුතුයි. මොකද බදු වලින් තමයි රට දුවන්නේ. රටේ නිදහස් අධ්‍යාපනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, නිදහස් සෞඛ්‍ය සේවය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, නාගරික සංවර්ධනය මේ නාගරිකකරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බදු නිසා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ පසුගිය කාලයේ සිද්ද වෙච්ච විෂම සංවර්ධනය නිසා, ඒ විශම සංවර්ධනවලට කළ ආයෝජනවලින්, ඵලදායී දායකත්වයක් ජාතික ආර්ථිකයට ලැබිලා නැහැ. අද අපේ රටේ ආදායමෙන් 97% ක් වැය වෙන්නේ ණයයි පොලියයි ගෙවන්න. ඉතින් කොහොමද මිත‍්‍රවරුනි රටක් ගොඩනගන්නේ. 97%ක් ගෙව්වට පස්සේ ආණ්ඩුවේ ආදායමෙන් රටක් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වැට් බදු ගැන, මෙතන අපේ ව්‍යාපාරික ප‍්‍රජාවත් ඉන්නවා. විශාල සංවාදයක් ඇතිවෙලා තියෙනවා රට ඇතුලේ. ඒ ගැන විධිමත් සංවාදයක් දැන් අපේ ආණ්ඩුව ඇතුලෙත් ඇතිවෙලා තියෙනවා. හිතු මනාපෙට, කාගෙවත් අදහස් විමසන්නේ නැතිව ඒ කටයුත්ත කරන්න සූදානම් නැහැ. අපි එකක් දකිනවා මොකක්ද මේ වැට් බද්ද හඳුන්වා දුන්නා 2002 දී, 2006 වෙන කොට මේ කිසිම සිල්ලර වෙළඳාමක වැට් බදු අය කිරීමකින් තොරව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 5.6 ක ආදායමක් වැට් බද්ද හරහා ආවා. දැන් අද තත්වෙ මොකක්ද? අද තත්වෙ තමයි ඒක. හරියට ඒකෙන් බාගෙට බැහැලා. අද 2.3% යි. වැට් බදුවලින් දළ දේශීය නිෂ්පාදන ආදායම. මේක කොහොමද වුනේ. සිල්ලර වෙළඳාමට බදු අයකරන්නෙත් නැතිව, තොග වෙළඳාමට බදු අය කරන්නෙත් නැතිව, ඒක ඇති කළේ 2012. කොහොමද මේ වැට් බද්දේ ආදායම නැතිවෙලා ගියේ. අපි ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැට් බද්දෙන් අයිතම 500 ක් ඉවත් කළා. අධිවේගී මෝටර් සයිකල් පදින්න ඕනේ උනහම ඒක අයින් කළා. ඒ වගේම ගුවන් යානාවල සියුලේටස් හදන්න ඕනේ උනහම අපි ඒක අයින් කලා. ඒ වගේම විදේශීය ක‍්‍රීඩකයින්ට රගර් ගහන්න ඕනේ උනහම අපි ඒක අයින් කළා. මේ විදිහට අයිතම 500 ක් අයින් කිරීම නිසා වැට් බද්දෙන් භාගයක් අපිට අහිමි උනා. එහෙමනම් අපි පළමුව කළයුත්තේ මොකක්ද ඇති හැකි අයගෙන් මේ බද්ධ අය කරන්න ගන්න කටයුතු කිරීමයි. ඒ සඳහා අපේ ආණ්ඩුව කි‍්‍රයාත්මක විය යුතුයි. කි‍්‍රයාත්මක වෙන්න කටයුතු කරන බවත් ප‍්‍රකාශ කරන්න ඕනේ.
ඒ වගේම ආදායම් බදු ගෙවන්න ඕනේ ඇති හැකි අය. ඒ අදායම් බදු ප‍්‍රමාණයත් ඒ විදිහට අඩුවෙලා තිබෙන බව කණගාටුවෙන් උවත් කියන්න ඕනේ. ඒ වගේම මේ බදු ගෙවන්නන්ගේ ප‍්‍රතිශතයත් 50% කින් විතර 2012 ට සාපේක්‍ෂව අඩුවෙලා තියෙනවා. 2012 ආසන්නයෙන් නමලක්‍ෂයක් ඉඳලා තියෙනවා බදු ගෙවන අය. අද ඉන්නේ හය ලක්‍ෂයයි. 50% කින් පමණ බදු ගෙවන ප‍්‍රමාණය අඩුවෙලා තියෙනවා. ආදායම වැඩිවෙනකොට, දළ දේශීය නිෂ්පාදනය වැඩිවෙන කොට බදු ගෙවන ප‍්‍රමාණය වැඩිවෙන්න එපැයි. ලංකාවේ ඒක අනික් පැත්ත වේගෙන යන්නේ. ඒ නිසා මේ විධිමත් බදු ප‍්‍රතිපත්තියක් අද රටට අවශ්‍යයි. නිකං බොරු වීරයෝ වෙලා ජනතාවට බදු බර පටවන්න එපා කියලා රාජ්‍ය ආයතන කඩා කප්පල් කරලා මුළු රටම ණය ගැති කරලා බොරු වීරයෝ වෙලා වැඩක් නැහැ. මේ පිළිබඳව තිරසර, ශක්තිත් බදු ප‍්‍රතිපත්තියක් එනිසා පළමුවෙන්ම වැට් බදු සහන ලබාදීම නිසා බදු ආදායම අහිමි වීමේ ස්ථානයෙන් පටන් අරගෙන රටට ආදායම ලැබෙන විදිහට මෙයට අපි සකස් කරගත යුතු වෙනවා
මම කියන්න ඕනේ 1978 මේ රටේ ආණ්ඩුවේ බදු ආදායම දල දේශීය නිෂ්පාදනයෙන් 28% යි. අද 10% යි. මේක 15%ක් උනානම් අද කිසිම අයවැය හි`ගයකින් තොරව අපට මේ ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මේ බදු එන්න එන්නම ධනපතියන්ට ඒ වගේම ජාවාරම්කාරයින් හිතවතුන්ට, ගජ මිතුරන්ට ඥාතීන්ට සහන ලබාදීම නිසා තමයි මේ මූල්‍ය අර්බුදය අද රටේ ඇතිවෙලා තියෙන්නේ. ඒක විවෘතව වෙනස් කරන්න තමයි ගිය ජනවාරි 08 වෙනිදා අපේ ජනතාව ඒ වරම ලබා දුන්නේ. ඒ නිසා ඒ අනුව ඉදිරිකාලයේදී අපි කි‍්‍රයාත්මක වන බව ඔබ හැමට ප‍්‍රකාශ කරමින් කඩුවෙල දෙවෙනි අග නගරයක් ලෙස දියුණුවෙන් දියුණුවට පත්වේවා, ඒ දියුණුවෙන් දියුණුවටපත් වීම නිකන් වෙන්නේ නැහැ. අද මෙතන ප‍්‍රධාන පක්‍ෂ දෙකේම නායකයින් එකට එකමුතු වෙලා ඉන්නවා මේ අරමුණ කරා ඉදිරියට යන්න ජනතාවත් ඒ විදිහට එකට අරමුණු ගැන්විලා 2020 වෙන කොට මේ මේ කඩුවෙල අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් පුණර්ජීවන නගරයක් බවට, යහපාලනයේ නගරයක් බවට, දෙවන අගනගරයක් බවට පත්කර ගනිමු යැයි පැවසීය.
මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ කඩුවෙල ප‍්‍රධාන සංවිධායක, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂ කඩුවෙල ප‍්‍රධාන සංවිධායක, අභ්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.