මැතිවරණ කොමිෂන් සභාවේ සභපති මහන්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා දිවයිනේ නන් දෙසින් ගාල්ලට තරුණ පිරිස් සහභාගී වී සිටියේ ය.
මෙම වැඩසටහන යටතේ ගාල්ල නගර ශාලාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා වූ ආදර්ශ මැතිවරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර එය ප්‍රායෝගික මට්ටමින් සිදුවීම විශේෂත්වයක් විය.
ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත්ද සිල්වා මහතා විසින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.