“සෞඛ්‍යාරක්ෂිත ආහාර - නීරෝගීමත් දිවියක්” යන මැයෙන්වු මෙම වැඩ සටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
එහිදි අමාත්‍යවරයා, සෞඛ්‍යාරක්ෂිත ආහාර හා නීරෝගීමත් දිවියක් සඳහා යහපත් කෘෂි පිළිවෙත් අනුගමනය කිරීමට එක්වන ලෙස ගොවි ප්‍රජාව ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සැමට ආරාධනා කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන්ද , සබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ පෞද්ගලික ලේකම්තුමිය, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු මෙන්ම පෞද්ගලික අංශය නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනවල ප්‍රධානීන් එක්වූහ.
AP