මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අත්තිවාරම ප්‍රබල වෘත්තිකයන්ගේ මූලිකත්වයෙන් ඉදි වී ඇති බව නැවත වරක් පෙන්නුම් කර ඇති බවයි. එසේම මානව සම්පත් කණ්ඩායම ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පුරා සිය සේවකයින්ට අවශ්‍ය සියල්ලම ලබාදෙමින් ඔවුන්ට වෘත්තීමය කටයුතු ඉතා මැනවින් කරගෙන යාමට අවස්ථාව උදා කර දී ඇති බවද හෙතෙම සඳහන් කළේය. එසේම අපගේ පුහුණු විශිෂ්ටත්වය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව හා ඉන් පිටත ගුවන් සේවා කර්මාන්තය තුළ ඉහළ පෙළඹවීමක් ඇති කිරීමට බෙහෙවින් දිරි ගැන්වුණු සහ මනා පුහුණුව අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ආසියාවේ විශිෂ්ඨතම සේවා යෝජක සම්මාන සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු ආසියාව පුරා රටවල් 40 කට වඩා වැඩි ප්‍රමාණයක් අතරින් හොඳම සේවා යෝජකයන් තෝරා ගැනීම සිදුකරන ලදී. මෙම සම්මාන උළෙල 7 වන වරටත් පසුගිය අගෝස්තු මස 4 වෙනිදා සිංගප්පූරුවේ පෑන් පැසිෆික් හීදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශය ඉන්දියානු මානව සම්පත් කළමනාකරණ සම්මේලන සම්මාන උළෙලේ දී “දකුණු ආසියානු කලාපයේ මානව සම්පත් විශිෂ්ටත්ව සම්මානය‘‘ යන සුවිශේෂී සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ මානව සම්පත් කළමනාකරණය අංශය හොඳම පුහුණුවීම් සඳහා ශක්තිමත් වෙළඳනාමයක් හිමිකර ගෙන තිබේ.
Ap