අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළොන්නාව පෙර පාසල් සඳහා රුපියල් මිලියන 17 ක ආධාර

    අගෝස්තු 11, 2016
    පසුගිය මැයි මස ඇති වූ ගංවතුර ආපදා තත්වය හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් විශාල ප්‍රමාණයකට හානි සිදු විය.
    මෙසේ හානියට පත් පෙර පාසල් සඳහා උපකරණ ලබා දීමේ වැඩ සටහනේ පළමු අදියර යටතේ ලක්ෂ දෙකක පමණ පුටු, මේස ඇතුලු අධ්‍යාපන උපකරණ කට්ටල 50 ක් ලබා දීම පසුගියදා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මංගලපාය උත්සව ශාලාවේ දී සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරිය, දරුවන් අපේ අනාගතය බවත් අපි මේ ලෝකය ඔවුන් උදෙසා වඩාත් යහපත් ඵලදායී ස්ථානයක් බවට පත් කළ යුතු බවත් කිසිදාක යහපාලන රජය දරුවන් කිසිදු දේශපාලන කටයුත්තකට සම්බන්ධ කර නොගන්නා බවත් පැවසීය. 
     
    මේ සඳහා වැය වන මුදල වන  රුපියල් මිලියන 17  යුනිසෙෆ් ආයතනය මඟින් ප්‍රදානය කර ඇත.    
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya