අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරි නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම පිළිබද අවධානය යොමු කෙරේ

    අගෝස්තු 11, 2016
    දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත්  රිදියගම ගොවිපල වෙත ඕස්ට්‍රේලියාවෙන්  දෙනුන් 2,500 ක් ආනයනය කල අතර එහි වර්තමාන කිරි නිෂ්පාදන තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
    එහිදී ආනයනය කරනු ලැබු දෙනුන්ගෙන් මේ වන විට උපත ලබා ඇති පැටවුන් 2,000 ක් පමණ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇති අනෙකුත් ගොවිපල වෙත බෙදා දීමට මෙහිදී අමාත්‍යවරයා විසින් එහි සභාපති වෙත උපදෙස් දෙන ලදී.
     
    දියර කිරි නිෂ්පාදනය සඳහා වු නවීන යන්ත්‍ර සුත්‍ර වලින් සමන්විත මෙම ගොවිපල තුලින් මේ වන විට දෛනිකව කිරි ලිටර් 30,000 ක් පමණ නිපදවන අතර ඉදිරියේදී මෙහි නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීම සඳහා වු නව ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විණි. තවද දේශීය දියර කිරි පරිභෝජන අවශ්‍යතාවයෙන් 40% ක් පමණ නිෂ්පාදනයක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මඟින් සපුරා ලීමට බලාපොරොත්තු වන බවත් ලබන වසර වන විට වියළි කාලගුණය සහිත ප්‍රදේශ වල ඇති ගොවිපල සඳහා රාජ්‍ය මට්ටමේ සහයෝගය ඇතිව ඉන්දියාවෙන් හා පකිස්තානයෙන් දෙනුන් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් රේනුකා ඒකනායක, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව් සිරිල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.   
    AP 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya