මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය නගර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර

    අගෝස්තු 10, 2016

    ජාතික වශයෙන් වැදගත් ව්‍යාපෘතියක් ලෙස මූල්‍ය නගරය ආරම්භ කරන බවත් එය ශ්‍රී ලංකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආරම්භ කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    යෝජිත මුල්‍ය නගරය සඳහා මූලික ක්‍රියාකාරකම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආරම්භ කිරීම, මූල්‍ය නගරය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය නීතිමය සේවාවන් ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඊයේ (09) ලැබුණු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පැවති අමාත්‍ය මණඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඉන්දියානු . දකුණු ආසියානු හා මැද පෙරදිග කලාපයන්ගෙන් මෙන්ම එංගලන්තය ඇතුළු යුරෝපා රටවලින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගැනීම ද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වන බවත් අප කලාපය සඳහා තරගකාරී හා නවීන මූල්‍යමය සේවා සපයන කේනද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ශ්‍රී ලංකාව වෙත විශාල වශයෙන් විදේශ ප්‍රාග්ධනය ගලා එන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    නව බුද්ධිමය කුසලතාවන් හා හැකියාවන්  ඇති කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථා ද ඇති කරන බව කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසීය.

     

    ඉදිරියේදී මූල්‍ය නගර සංකීර්ණයක් නිර්මාණය වන බවත් මූල්‍ය නගර පනතක් ගෙන එන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya