අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවක දිරිගැන්වීමේ වැඩසටහන යටතේ චීනයේ සිට සංචාරක කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

    අගෝස්තු 10, 2016
    චීනයේ සුප්‍රසිද්ධ සමාගමක සේවක පිරිස වෙත වාර්ෂිකව ලබාදෙන දිරි ගැන්වීමේ වැඩසටහන යටතේ එම සමාගමේ සේවකයන් 1,575 කට අධික පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අවස්ථාව උදා වී ඇත. ඒ අනුව ඉන් සංචාරකයන් 134 පිරිසක් චීනයේ ෂැංහයි සිට පසුගියදා  ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.
    මෙම සංචාරය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෂැංහයි කාර්යාලය විසින් සංවිධානය කළ අතර ශ්‍රී ලංකාව තුළ  බිම් මෙහෙයුම් කටයුතු Lanka Sportsrizen ආයතනය විසින් සිදු කෙරේ.
     
    ඔවුන්ගේ සංචාරයට සීගිරිය, දඹුල්ල, නුවර, බෙන්තොට, ගාල්ල සහ කොළඹ ඇතුළු මෙරට ප්‍රධාන සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රදේශ ආවරණය වන පරිදි වැඩසටහන් සංවිධානය කර ඇත. 
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya