අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නිල් ආර්ථිකය ජයගනිමු” වාර්තාව ජනපති වෙත පිළිගැන්වේ

    අගෝස්තු 09, 2016
    යෝජිත “නිල් ආර්ථිකය ජයගනිමු” වැඩපිළිවෙල පිළිබද සංක්ෂිප්ත වාර්තාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පසුගියදා පිළිගැන්වීය. 
    ධීවර  කර්මාන්තය නගා සිටුවා නව අදායම් උත්පාදන ක්ෂේත්‍රයක් බවට ධීවර කරමාන්තය පත් කිරීම හා සෙසු අමාත්‍යංශ මෙන්ම රාජ්‍ය ආයතන හා එක්වී“ නිල් ආර්ථිකය” ශක්තිමත් කිරීමේ යෝජිත වැඩපිළිවෙල මෙම සංක්ෂිප්ත වාර්තාවෙහි අන්තර්ගතය.
     
    ධීවර , සංචාරක ක්ෂේත්‍ර මෙන්ම යෝජිත බහු කාර්ය ධීවර වරායන් හා අනාගත ඉලක්ක ජය ගැනීම පිළිබදව ද මෙහි  කරුණු ඇතුලත්ය.
     
    මෙම වාර්තාවේ පිටපතක්  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද පිළිගන්වන ලදී .
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya