කුසලතාවයට මුල්තැන දී රට ගොඩනැගුවහොත් අවුරුදු 05න් ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛතම රාජ්‍යයක් බවට පත් වන බවත් පිළිසරු ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයට කසල කළමනාකරණ යෝධ ව්‍යාපෘතිය හඳුන්වා දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අනුරාධපුරයේ ඊයේ (08) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ති‍්‍රකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව නගර එක් කර සාදන ආර්ථික ත්‍රිකෝණය වෙනුවෙන් රුපියල් කෝටි හත්සියයකට අධික ප‍්‍රමාණයක් වැය කරන බවත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තිබෙන සෑම උපනගරයක්ම ඉදිරි අවුරුදු පහ තුළදී ගොඩනැගීමේ වැඩපිළිවෙලක් සකස් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.