අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් මස ඇරඹේ - විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අගෝස්තු 11 සිට ක්‍රියාත්මක වෙයි

    අගෝස්තු 08, 2016

    ජාතික මදුරු මර්දන සතියක් සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේ, අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ  පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

    එහිදී අඳහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා; ඩෙංගු පාලනය කර ගැනීමට හකි වී තිබෙනවා.පසුගිය  දිනවල සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහන වැඩසටහන මඟින් කොළඹ පළාතේ   නිවාස 28,000ක් පරීක්ෂ කර තිබෙනවා. මුළු දිවයිනේම මිලියනයක් පරිශ්‍ර පරික්ෂාවට ලක් කළා.

    ඒ අනුව තවත් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අගෝස්තු මස 11 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා ද ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළුව කණ්ඩායම් 450ක් යෙදවෙනවා.  මෙම ඩෙංගු මර්දන වැඩසටහන බස්නාහිර පළාත් තුළ ක්‍රියාත්මක වන බවද වෛද්‍ය පාලිත මහීපල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya