මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුමත ප‍්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පරික්ෂාවට සුව ඇමැති උපදෙස් දෙයි

    අගෝස්තු 08, 2016

    අනුමත ප‍්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පරික්ෂාවට ලක් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සෞඛ්‍ය  පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප‍්‍රධානීන්ගේ රැුස්වීෙමි දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදෙන ලදි.

     

    එම රැස්වීෙමි දී දේශීය ආයුර්වේද නිෂ්පාදන වල අනුමත ප‍්‍රමාණය ඉක්මවා මධ්‍යසාර අඩංගු බවට නාවින්න පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත කරුණු දක්වන ලදි.

     

    ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ සෞඛ්‍ය අමත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත කර ඇති සියයට 4.5 ක් වන මධ්‍යසාර ප‍්‍රමාණය ඉක්මවා මධ්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදනාගාර සහ එම නිෂ්පාදන අලෙවි කරනු ලබන ආයතන පරීක්ෂාකර බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ කණ්ඩායමක් වහාම යොමු කිරිමට පියවර ගන්නා බව පැවැසීය.

     

    එමෙන්ම ආයුර්වේද නිෂ්පාදනවල අඩංගු මධ්‍යසාර ප‍්‍රමාණය සියයට 10 ට වැඩි නිෂ්පාදන ද මේ වනවිට හඳුනාගෙන ඇති බවට ද මෙහිදී කරුණු අනාවරණය විය. ආයුර්ෙවිද වෛද්‍යවරුන්ගේ සහයෝගය ද ඇතිව ප‍්‍රජා ආයුර්වේද වෛද්‍යවරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා මෙම වැටලීම් කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. තව ද මෙම වැඩපිළිවෙල සදහා සුරාබදු දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කර ගැනිමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

     

    අනුමත ප‍්‍රමාණයට වඩා මධ්‍යසාර අඩංගු ආයුර්වේද  නිෂ්පාදන පිළිබඳ කරුණු ඇතුළත් වාර්තාවක් පිළියෙළ  කොට ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා  වෙත ලබාදීමට පියවර ගන්නා බව ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya