අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීම වර්ග සඳහා වර්ණ සංකේත භාවිතය - ඉදිරි සති දෙක තුළ සියලු ආපනශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ

    අගෝස්තු 08, 2016

    බීම වර්ග සඳහා වර්ණ සංකේත භාවිතය නිසි ලෙස ක්‍රියාත්මක කර තිබේදැයි සොයාබැලීම සඳහා ඉදිරි සති දෙක තුළ දිවයිනේ සියලු ආපනශාලා සහ පාසල් ආපන ශාලා විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේ ය.

     

    ආහාර ලේබල් කිරීමේ රෙගුලාසි පිළිබඳ අවධාරණය කිරීම සහ කාලීන සෞඛ්‍ය ප්‍රවණතා පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසී ය.

    ඒ අනුව පාසල් ආපනාශාලා පරික්ෂා කිරීම් දින දෙකක් පුරා සිදු කිරීමට නියමිතය. දුර ගමන් සේවා බස් රථ නැවතුම් ස්ථානවල තිබෙන ආපනශාලා සම්බන්ධයෙන් පැමිණිලි විශාල ලෙස ලැබී තිබෙන බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම ආපනශාලාවල ආහාර ප්‍රමිතිය, සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සති දෙකකට වරක්   සොයා බලා වාර්තා කරන ලෙස සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දනවා සිටින බවද පැවසී ය.

     

    ආහාර පනත තුළ පවතින බලතල යටතේ,ආහාර උපදේශක කමිටුවේ ලද උපදෙස් අනුව නීතිය  නිකුත් කළේ. බීමට ගන්නා සියලු පාන වාර්ග වල සීනි ප්‍රමාණය පාලනය කිරීම අරමුණයි.අපේ රටේ බොහෝ රෝග තුරන් කිරීමට කටයුතු කර තිබෙනවා. එහෙත් බෝ නොවන රෝග පාලනය කිරීම තවමත් අභියෝගයක් වී තිබෙනවා.

    අපේ රටේ ජනතාව අතර සීනි පරිබෝජන්ය ඉතාම ඉහළයි. දෛනිකව ග්‍රෑම් 60ට වඩා වැඩි සීනි පරිභෝජනයක් එක් අයකු සිදු කරනවා. ඒ නිසා බීම වර්ග සඳහා රතු ,කොළ සහ කහ වර්ණයෙන් සීනි ප්‍රමාණය සඳහන් කළ ලේබලයක් ඇතුළත් විය යුතු වනවා. සීනි ප්‍රමාණය භාෂා තුනෙන්  ම සඳහන් විය යුතුයි.

    බීම වර්ගවල සීනි ප්‍රමාණය සඳහන් කෙරෙන ට්‍රෆික් ලයිට් ක්‍රමවේදය, ක්‍රියාත්මක කරන සාර්ක කලාපයේ පළමු රට ශ්‍රී ලංකවයි.ඉදිරියේ දී ලුණු සහ මේදය අඩංගු ආහාර සඳහා ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

    පළාත් සෞඛ්‍ය කාර්යාල, ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා සියලු උපදෙස් ලබාදී තිබෙනවා, මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට.මේ නීතිය රටේ ක්‍රියාත්මක කළ යුතුයි.


    බීම වර්ගවල සීනි ප්‍රමාණය සම්බන්ධයෙන් පාරිබෝගිකයන් දැනුවත් කළ යුතුයි. ජනතාව දැනුවත් කළ යුතුයි. ඉදිරියේ දී ජනතාව සම්බන්ධ කරගනිමින් විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කරන බවත් විශේෂ දූරකතන අංකයක්ද  හඳුන්වාදෙන බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya