අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදි ආර්ථික අර්බුදය හේතුවෙන් වෙනත් රැකියා වෙළඳපලක් ගැන අවධානය යොමු කෙරේ

    අගෝස්තු 08, 2016
    සෞදියේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ ශ‍්‍රමිකයින්ට එරට රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බවත්, ඒ වෙනුවට වෙනත් රැකියා වෙළඳපලක් පිළිබඳ මේ වන විටත් අවධානය යොමුකර තිබෙන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය. 
    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ඊයේ රත්නපුරදී මාධ්‍යට විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.
     
    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය, ”මීට අවුරුද්දකට කලින් වගේ ඉඳන් තමයි ඛනිජ තෙල් මිල අඩුවෙලා සෞදිය ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න පටන් ගත්තේ. මිල උච්ඡාවචනයත් එක්ක ගැටළු ඇතිවෙන්න පටන් ගත්තා.මේ තත්වය දිගින් දිගටම පහුගිය කාලේ බලපෑවා. මැදපෙරදිගට යන සේවකයින් ගණන පහුගිය අවුරුදු කිහිපය තුළ අඩුවුණා. නමුත් මේ සතිය තුළ ඇතිවුණ තත්වය නිසා තව මාසෙකින් දෙකකින් තමයි බලපෑම් ඇතිවෙන්නේ. අපි වෙනත් වෙළඳපලවල් මේ වන විට සොයමින් පවතිනවා. ඒ අපි විශ්වාස කරනවා අපිට හොඳ වෙනත් වෙළඳපලක් ලැබෙයි කියලා. ඉතින් ඒ නිසා අපිට මේ තත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ලාංකිකයින්ට ගැටළුවක් ඇති වෙන එකක් නෑ.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.
     
    සෞදියේ රියාද් හි පිහිටි සාඞ් සමාගමේ (Saad Trading Company) සේවය කළ ශී‍්‍ර ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් කාර්යාංශය රියාද් තානාපති කාර්යාලය හරහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටි. ඔවුනට ආහාර ඇතුළු පහසුකම් ලබා දීම පිළිබඳව සොයා බැලූ අතර, වහාම ඔවුනට ආහාර ලබා දීම සඳහා තානාපති කාර්යාලය හරහා මුදල් ලබා දීමට පියවර ගෙන තිබේ. එසේම මෙම සමාගම මඟින් වැටුප් නොගෙවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින අතර අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසුව මොවුන් ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කෙරේ.
     
    මේ අතර රියාද් හී පිහිටි සෞදි  ඕජර් (Saudhi Oger Company)  සමාගමේ ශ‍්‍රී ලංකා ශ‍්‍රමිකයින් 100 ක් පමණ පිරිසක් සේවය කරන අතර, ඔවුන්ද මෙම ගැටලූ වලට මුහුණ දී සිටිති. ඔවුන් අතරින් සේවකයින් 40 දෙනෙකු පමණ රියාද් ශ‍්‍රී ලංකා  තානාපති කාර්යාලයට මේ බව පැමිණිලි කර ඇත. මෙම සේවකයින් සඳහාද ආහාර පහසුකම් තානාපති කාර්යාලය හරහා ලබා දීමට පියවර ගෙන තිබේ.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya