අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ විනිමය හා නව රැකියා බිහි කරන ක්ෂේත්‍රයක් බවට විසිතුරු මත්ස්‍ය කර්මාන්තය පත් කරනවා- ධීවර රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 08, 2016
    ධීවර ක්ෂේත්‍රයේ අභියෝග ජය ගනිමින් , ලෝක වෙළද පොළ හා තරග කර අතමිට සරු ආර්ථිකයක් බිහිකිමේ ඉල්ලක ගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය .
    අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට ලෝක අවධානය දිනා ගැනීම සදහා මින් විසිතුරු ප්‍රදර්ශනය ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වීමට පියවර ගන්නා බවය .
     
    කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති “මින් විසිතුරු” - 2016  විසිතුරු මත්ස්‍ය ජලජ පැළෑටි හා උපාංග ප්‍රදර්ශනයේ අවසන් දින උත්සවයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
     
    07 වැනි වරටත් සංවිධානය කරන ලද මෙවර ප්‍රදර්ශනයට ප්‍රදර්ශන කුටි 100 පමණ එක්කර තිබුණි . තෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය නැරබීම සදහා 40.000 අධික පිරිසක් පැමිණ තිබුණි .
     
    ප්‍රදර්ශනයේ අවසන් දින සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ,අති සාර්ථකම “ මින් විසිතුරු” ප්‍රදර්ශනය මෙයයි . ඉතිහාසයේ වැඩිම ජනතාවක්  “ මින් විසිතුරු”  ප්‍රදර්ශනය නැරඹු වසර ලෙස 2016 වසර සනිටුහන් වෙනවා . ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේදී හයදහස් තුන්සියකට අධික පිරිසක් මින් විසිතුරු ප්‍රදර්ශනය නරඹා තිබුණා , දෙවැනි දිනයේ එම සංඛ්‍යාව පහළොස් දහස් දෙසිය පනස් දෙනෙකු දක්වා ඉහල ගියා . අවසන් දිනයේදී ඒ සියළු සිමාවන් අභිබවා වැල නොකැඩි ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ඇදී ආවා . ”
    යයිද පැවසීය. 
     
    “ යුරෝපා සංගමය අපිට මත්ස්‍ය අපනයන තහනමක් පනවා තිබුණා . මේ නිසා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් අහිමි වුණා . ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ සුසංයෝගය නිසා යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවුනා . ඒ ලබපු ජයග්‍රහණයෙන් අද ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබෙනවා . දෙවැනි ජයග්‍රහණ ඉලක්කය විසිතුරු මසුන් අපනයනය මගින් විදේශ විනිමය උපයා ගැනීමයි . ඒ ඉලක්කය ජය ගැනීම අපහසු නැහැ , ඉලක්ක ජයගතහැකි කාර්ය මණ්ඩලයක් සිටින නිසා . ලෝකයේ විසිතුරු කර්මාන්තයේ නිරත ආයෝජකයන් ගෙන්වා ආර්ථිකය ජයගැනීම වෙනුවෙන් 2017 වසරේදී මින් විසිතුරු ප්‍රදර්ශනය පැවැත්වීම ඊලග ඉලක්කයයි . මේ මගින් රට පුරා ගම් මට්ටමේ බිම් මට්ටමේ විසිරි පැතිරී සිටින ජනතාවගේ ආදායම් ඉහල නැංවීම සදහා මුදල් ලැබෙන වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා .”
     
     “ ධීවර අමාත්‍යංශය සතු විදේශ විනිමය උපයාගැනීමේ මහා සම්පත් දෙකක් තියෙනවා . මේ සම්පත වෙනත් අමාත්‍යාංශ වලට නැහැ . රට වටේ මහා සාගරය මත්ස්‍ය සම්පත අපනයන මගින් වගේම විසිතුරු මසුන් අපනයනය මගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමත් , මත්ස්‍ය නිෂ්පාදන විදේශ රටවලින් ගෙන්වීම සිමා කිරීමත් අරමුණයි . ඒ සදහා අමාත්‍යංශයේ සියළු ආයතන සම්බන්ධ කර ගනිමින් විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරනවා” යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙම “ මින් විසිතුරු”  ප්‍රදර්ශනයේ දී හොදම ප්‍රදර්ශන කුටි හා නව මත්ස්‍ය ප්‍රභේද හදුන්වා දුන් කර්මාන්තකරුවන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමද සිදු කෙරිණ.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya