මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ දියූණුවට නියමු ව්‍යාපෘතියක්

    අගෝස්තු 08, 2016
    රබර් ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා රජය විසින් හදුන්වා දුන් නියමු ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 
    මෙම නියමු ව්‍යාපෘතිය යටතේ ඇති මූලික ව්‍යාපෘති 25 අතරින් 12 ක්ම තම අමාත්‍යාංශය හරහා සිදුකරන බවත් ඉතා කෙටි කාලයකින්ම එම ව්‍යාපෘතියේ ප්‍රථිපලයක් ලෙස ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඉතා දියුණු මට්ටමකට පත්කළ හැකි බවත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
     
    අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කලේ පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක ශාලාවේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා  ප්ලාස්ටි 2016  ප්‍රදර්ශණයේ  ප්‍රධාන ආරාධීතයා ලෙස සහභාගි වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා,
     “ රබර් අපගේ ප්‍රධානම අපනයන භාණ්ඩයක් වුවත් දේශීය නිෂ්පාදන සඳහාද ඉතා විශාල වශයෙන් යොදා ගන්නවා. 2014 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 195 ක් වටිනා  රබර් දේශිය නිෂ්පාදන සඳහා යොදා ගත්තා. එබැවින් දේශීය ආර්ථිකය තුළ රබර් ආශ්‍රිත කර්මාන්ත ඉතා වැදගත් වෙනවා. ඒ අනුව රබර් කර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන නියමු ව්‍යාපෘතියෙන් විශාල කොටසක් මේ වන විටත් ක්‍රියාත්මක කර අවසන්. ඒ අනුව රබර් නිෂ්පාදන ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ කුසලතා ඉහල නැංවීමේ අරමුණින් ඉන්දියාවේදී රබර් කර්මාන්තයේ නියැළි තාක්ෂණික ශිල්පීන්ට ක්ෂේත්‍රය පිළිබඳව නවීන තාක්ෂණික දැනුම ලබාදී ඔවුන් හරහා එම නවීන තාක්ෂණය ලංකාවේ රබර් නිෂ්පාදන කර්මාන්තය තුළ යොදා ගැනීමට කටයුතු කළා. එසේම රුපියල් මිලියන 9.4 ක් වැය කර නවීනතම රබර් ආකෘති නිෂ්පාදන යන්ත්‍රයක් කාර්මික සංවර්ධන මණ්ඩලය තුල ස්ථාපිත කර ඇති අතර ලංකාවේ ඕනෑම රබර් නිෂ්පාදකයෙකුට එහි සේවය ලබාගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා යැයිද පැවසීය.
     
    අඛණ්ඩව තෙවන වරටත් ව්‍යාපාරික ප්‍රජාව හා කර්මාන්තකරුවන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙම ප්‍රදර්ශණය සඳහා ඉන්දියාව,චීනය, තායිවානය, ජර්මනිය ඇතුළුව රටවල් 10 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශකයින් 200 කට අධික සංඛාවකින් සහ ප්‍රදර්ශණ කුටි 175 කින් සමන්විත වේ. මෙම අන්තර්ජාතික ප්‍රදර්ශණය තුළ ප්ලාස්ටික්, රබර්, ඇසුරුම් හා නිෂ්පාදන යන අංශ 4 ම නියෝජනය කරමින් වෙන වෙනම ප්‍රදර්ශණ 4 ක් ද පැවැත්වීම විශේෂත්වයකි.   
     
    මෙම  ශ්‍රී ලංකා ප්ලාස්ටි 2016 ප්‍රදර්ශණයේ සමාරම්භක අවස්ථාවට  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අරින්ඩාම් බක්ෂි (Arindam Bagchi) , ඉන්දීය ජාතික කුඩා කර්මාන්ත සංගමයේ අධ්‍යක්ෂ ශ්‍රී. පී. උදයකුමාර් (Shri P. Udayakumar) ඇතුළු පිරිසක් සහභායි වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya