අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත ගැන පළාත් නිලධාරීන් දැනුවත් කිරීම ඇරඹේ

    අගෝස්තු 05, 2016

    තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් පළාත් සභා ජ්‍යේෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ ආරම්භක වැඩමුළුව ඊයේ (04) බස්නාහිර පළාතෙන් ආරම්භ විය.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කළ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ පළාත් රාජ්‍ය නිධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා ව්‍යවස්ථා අධ්‍යයන ආයතනය එක්ව කටයුතු සංවිධානය කර තිබේ.
     

    මෙම වැඩමුළු මාලාව දිවයිනේ සියලුම පළාත් නියෝජනය වන පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

     

    Isuru

     

    ranga kalansooriya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya