අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන් ජනතාවට වගකීමෙන් බැඳෙන පනතක්

    අගෝස්තු 05, 2016

    රටේ අනික් නීති මඟින් පුරවැසියා බැඳ තැබීමක් සිදු වුවද තොරතුරු දැන ගැනීමේ පනත මඟින් රාජ්‍ය අධිකාරිය කරන වන නිලධාරීන් ජනතාවට වගකීමෙන් බැඳෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.

    තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්බන්ධයේ කොළඹ ඊයේ (04) පැවති බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුත්වත් කිරීමේ වැඩමුළුට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    රාජ්‍ය නිලධාරින් AR,FR නීතියට අනුව මෙතෙක් රාජ්‍ය සේවයේ කටයුතු කළ ද ඉදිරියේදී  RTI නීතිය ද දැන ගෙන කටයුතු කිරීමට සිදු වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පනත තුළ ආණ්ඩුවට කිසිවක් සඟවා කටයුතු කළ නොහැකි අතර ජනතාව ඉල්ලා සිටින විට එම තොරතුරු ජනතාවට ලබා දිය යුතු බව ද සඳහන් කළේය.

    මෙම පනත ක්‍රියාත්මක වන විට රටේ ජනතාවට විශාල වෙනසක් දැනෙන බවත් අනවශ්‍ය බලපෑමට, නොකටයුතු දේවලට, දූෂණයට තල්ලු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යුහය තුළ වෙනස් මේ තුළින් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya