මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතලේගොඩ නව පරිපාලන හා පර්යේෂණාගාර තෙමහල් සංකීර්ණය විවෘත කෙරේ

    අගෝස්තු 05, 2016
    බතලේගොඩ නව පරිපාලන හා පර්යේෂණාගාර තෙමහල් සංකීර්ණය විවෘත කිරීම කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.
    රුපියල් මිලියන 260 ක පමණ මුදලක් වැයකොට ඉදිකළ මෙම ගොඩනැඟිල්ල මඟින් කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් සිදු කෙරේ. 
     
    මෙම අවස්ථාව සහභාගී වෙමින් අදහස් දැක්වු අමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍ර‍මුඛ වත්මන් රජය ඉතා විශාල මුදලක් කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැය කර තිබෙන බව පැවසු අතර කෘෂි නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව ද මෙසේ අදහස් පළ කළේය.
     
    “කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ නිලධාරීන් තුල තිබෙන දැනුම මිල කළ නොහැකියි. ඒ වගේම ඔවුන් ලබාගන්න අත්දැකීම් මිලකරන්න බෑ. නමුත් ගැටළුව තිබෙන්නේ, මේ දැනුම ගමේ ගොවියාට ගෙනයාම සම්බන්ධවයි. අපි ඒ දැනුම නිසියාකාරව ගමට ගෙන යාමේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා, ඒ අභියෝගය භාරගත යුතුයි. කෘෂිකර්මාන්තයට අදාළ සෑම අංශයක්ම එකට එකතුවෙලා මේ අභියෝගය ජයගත යුතුයි. අපි මොන දේ අලුතින් හොයාගත්තත් පාරම්පරික දේටම පමණක් යොමු වෙනවා නම්, ඒ කියන්නේ කෘෂි නිලධාරීන් වන ඔබේ අලුත් දැනුම ගමට ගිහින් නැහැ. අපිට අවශ්‍ය මේ අලුත් දැනුම ගමට ගෙනියන්න. ඒ නිසා අද ඉඳන් මේ රාජකාරිය නිසියාකාරව ඉටු කරන්න. ඒ ඒ ප්‍රදේශවලට වඩාත් උචිත බෝගය, බෝග වගාකරන ක්‍ර‍මවේදය, නිෂ්පාදන වියදම අඩුකර ගැනීම ගැන අපට නිවැරදි තොරතුරු ලබාදීලා අලුත් සැලසුම් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපිට පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් අවශ්‍ය දායකත්වය උපරිමයෙන් ලබාදෙන්න. ”
     
    “මම දකින විදිහට කෘෂි ව්‍යාප්ති සේවය අතරමඟ නතරවීම තුළ නිලධාරීන්ගේ දැනුම ගොවියා වෙතට ගෙනයාම සීමාවුණා. අපි බලාපොරොත්තු වෙනවා ළඟදීම නැවතත්, කෘෂි ව්‍යාප්ති සේවය ආරම්භ කිරීමට. විශේෂයෙන් අපි පසුගිය පළමුවෙනිදා සිට මහනුවර දිස්ත්‍රික්කයෙන් ගම්දොර වැඩසටහන ආරම්භ කළා. එහිදී  මධ්‍යම රජයෙන් රුපියල් බිලියන 5ක් පමණ ගමේ ඇළවේලී සෑදීම ඇතුළු ගොවියාට සහන සලසන ව්‍යාපෘති සඳහා ගම වෙනුවෙන් වියදම් කරනවා. ඒ නිසා මේ සහන ප්‍රයෝජනයට ගෙන රටේ ජනතාවට හොඳම දේ ලබා දෙන්න, විශේෂයෙන් කෘෂි ආර්ථිකය සහ ගොවි ප්‍ර‍ජාව ශක්තිමත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙන්න.” යයි පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මැතිතුමා, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya