අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය සේවක ජංගම සේවාව අද මඩකළපුවේ දී ඇරඹේ

    අගෝස්තු 06, 2016

    සෞඛ්‍ය සේවකයින්ගේ සෞඛ්‍ය ගැටළු විසඳීමේ ජංගම සේවාවේ සිව්වන අදියර මඩකළපුව ශික්ෂණ රෝහලේ දී අද(06)පෙරවරු 8.00 ට පැවැත්වීමට නියමිතය.

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජංගම සේවය සංවිධානය කරනු ලබයි.


    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජංගම සේවාව ඇරඹේ. සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් දිවයිනේ සියළුම රෝහල් ආවරණය වන පරිදි එක් එක් රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලවල ප‍්‍රශ්න සහ ගැටළු විසඳීමේ අරමුණින් ක‍්‍රියාත්මක වෙයි.

    ප‍්‍රථම ජංගම සේවාව කුරුණෑගල මහ රෝහලේ දී ද, දෙවන ජංගම සේවාව යාපනය ශික්ෂණ රෝහලේ දී ද,  තුන්වන ජංගම සේවාව බදුල්ල මහ රෝහලේ දී ද පැවැත්විණි.




         

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya