මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිප‍්‍රස් හි රැකියා කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ වැටුප් වැඩිකිරීමට ඉල්ලීමක්

    අගෝස්තු 06, 2016

    සයිප‍්‍රස්හි රැකියා කරන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එරට කම්කරු හා සමාජ සුභසාධන අමාත්‍ය Zeta – Emillanidow මහත්මියගෙන් ඉල්ලා සිටි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.


    විදේශ රැකියා අමාත්‍යතුමිය පසුගියදා සයිප‍්‍රස්හි සිදුකල සංචාරයේදී එරට කම්කරු හා සුභසාධන අමාත්‍යවරිය හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

    වැටුප් වැඩිකිරීම වෙනුවෙන් අන්තර් අමාත්‍යංශ කමිටුවක් ඉදිරියේදී ඇතිකිරීමට බලාපොරොත්තු වන බවත්  ඒ හරහා අවම වැටුපක් තීරණය කිරීමට හැකිවන බව එරට කම්කරු හා සුභසාධන අමාත්‍යවරිය සඳහන් කර ඇත.

    විදේශ රැකියා අමාත්‍යතුමිය විසින් සේවක සුභසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ඇති කිරීමටත්, ශ‍්‍රමිකයින්ට අවශ්‍ය කරන පුහුණුව දියුණු මට්ටමකින් ලබාදීමටත් තීරණය කර ඇති බවද  සඳහන් කළාය.

     

    දෙරට අතර පවතින රාජ්‍යතාන්ති‍්‍රක අවබෝධය මීට වඩා වැඩිකරගැනීමට කටයුතු කරන බව ද ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය ශ‍්‍රී ලංකා රජය ලබාදීමට සූදානම් බවද අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya