අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පුරනැගුම'' ව්‍යාපෘතිය යටතේ ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට

    අගෝස්තු 06, 2016

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ''පුරනැගුම'' ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 46ක වියදමින් ඉදිකළ බදුල්ල ප්‍රාදේශීය සභාවේ බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කෙරේ.


    බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කිරීම පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ප්‍රාදේශීය සභා කාර්යාලය, ප්‍රජා ශාලාව, පුස්තකාලය සහ ආයුර්වේද සායනයක් මෙම ගොඩනැඟිල්ලට ඇතුළත් වෙයි.

    මෙම උත්සව අවස්ථවට එක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ තීරණ වෙනස් කිරීමට පසුබට නොවන බවයි. පුරනැගුම යටතේ රුපියල් මිලියන 50ක ව්‍යාපෘති 16ක් ඌව පළාතට ලබාදී තිබෙනවා.පානීය ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් මිලියන 1800ක් ලබාදී තිබෙනවා. මේ ආණ්ඩුව ජනතා හඬට ඇහුම්කන් දෙන ආණ්ඩුවක්.ජනතා හිතවාදී ආණ්ඩුවක් බවද අමාත්‍යවරයා පැවසී ය.

    මේ අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් ද්සනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූ හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya