මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා සඳහා වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ විදේශ විනිමයක් ලබාගත හැකියි

    අගෝස්තු 06, 2016

    විදේශ රැකියා සඳහා වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ වැටුප් හිමිවන බවත් එමඟින් ඉපයිය හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඉතා ඉහළ බවත් විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා පවසයි.

    කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස විදේශ ගතවීම සියයට 37-40 දක්වා පහත වැටී තිබෙන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙම ප‍්‍රතිශතය තවදුරටත් අඩු කිරිමට කටයුතු කරන බවද පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් ප‍්‍රකාශ කළේ, පසුගියදා විදේශ රැකියා නියුක්ත්ති කාර්යාංශයේ පැවති මැලේසියාවේ රැකියා සඳහා පිටවන ශ‍්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේ, තරුණ පිරිස් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේදී වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මකව පවතින බවයි. වෘත්තීය මට්ටමේ රැකියා අවස්ථාව ශී‍්‍ර ලංකාවට ලබා ගැනීමේ වැදගත්කම ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

     

    වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ   වැටුප් හිමිවන අතර එමඟින් ඉපයිය හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ  යන බව අමාත්‍යවරයා පැවසී ය. ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ වැඩ කිරීමේ හැකියාව උසස් මට්ටමක පවතින බවත් එම හේතුව නිසා මෙරටින් ශ‍්‍රමිකයින් ලබා ගැනීමට බොහෝ රටවල් කැමති බවද අවධාරණය කළේ ය.  

    විදේශ රැකියා නියුක්ත්ති කාර්යාංශ දත්ත වාර්තා වලට අනුව 2015 වර්ෂයේ මුල් මාස 6 තුළ කාන්තාවන් විදේශගත වීම 6000කින් පමණ අඩු වී ඇති බවත්  2015 වර්ෂයේ මුල් මාස 6 තුළ කාන්තාවන් 47189 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර  එය 2016 වර්ෂයේ මුල් මාස 6 තුළ 41365 ක් වශයෙන් වාර්තා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya