අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණූම් වාර්තාව එළිදැක්වෙයි

    අගෝස්තු 06, 2016

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගිණූම් වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය,පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    සෞඛ්‍ය සේවා ලබාදීමේ දී පෞද්ගලික අංශ වියදමට වඩා රජයේ වියදම වැඩි බව සෞඛ්‍ය අමාත්‍යවරයා  ගිණූම් වාර්තාව එළිදැක්වීමේ උත්සව අවස්ථවට සහභාගී වෙමින් සඳහන් කළේ ය.

    එහිදී තවදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා -  පළමුවරට ජාතික සෞඛ්‍ය ගිණුම් මෙලෙස  එළිදක්වා  තිබෙන්නේ.  අමාත්‍යාංශයක් මෙලෙස  ප‍්‍රකාශනයක් එළිදක්වා තිබෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි.

    මෙම ගිණුම් වාර්තාව එළිදක්වන කල් අපි සෞඛ්‍ය ගිණුම් පිළිබඳව කළුවරේ අතගගා හිටියේ. පුද්ගලික අංශය තමන්ගේ ගිණුම්වල අය කීය ද? වැය කීය ද? නිශ්චිත වැය ප‍්‍රමාණය ආදිය ගැන දන්නවා? නමුත් අපි එහෙම ගණනයක් කවදාවත් කරලා තිබුනේ නැහැ.මේ ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව, අපේ ප‍්‍රාග්ධනය ක්ෂයවීම. වත්කම් අපි කවදාවත් ගණනය කළේ නැහැ.අපේ තිබෙන්නේ මෙච්චරක් ගෙනාවා,මෙපමණ මුදලක් වියදම් කළා කියලා විතරයි, ඒ වියදම තමයි රුපියල් සත වලින් කරන වියදම තමයි වියදම කියන්නේ, නමුත් ඊට වඩා විශාල
    වියදමක් අපි කරලා තිබෙනවා.2013 වර්ෂයට අපි වියදම් කරලා තිබෙනවා බිලියන 260 කට වඩා වැඩි ප‍්‍රමාණයක්.ඊට අමතරව තව බිලියන 21 ක් ක්ෂයවීමට තිබෙනවා.ඒ බිලියන 21 ම රජය වියදම් කරන ගාන, එතකොට රජය වියදම් කරන නියම ප‍්‍රමාණය මෙම කණ්ඩායම අද වෙනකොට ගණනය කරලා දෙන තුරු ගණනය කළේ නැහැ.මේ වගේම තමයි අනික් රාජ්‍ය ආයතනත්. අද අපේ රජය කල්පනා කරනවා මේ ප‍්‍රග්ධනය ක්ෂයවීමත් අනෙකුත් වැය කිරිම්වලට එකතු කරලා රටේ ගිණුම් හදන්න. මෙය රජයේ ප‍්‍රතිපත්තියක්. මුදල් අමාත්‍යාංශයට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයමෙයට ඉදිරිපත්වීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.

     

    2016  අවුරුද්දට බැලුවොත් රටේ සෞඛ්‍ය වෙනුවෙන් අපි බිලියන 300 කට වැඩිය අපි වියදමක් දරලා තිබෙනවා.මෙතෙක් කල් පෙන්නුවේ  පුද්ගලික අංශයේ සෞඛ්‍ය වියදම වැඩියි රජයට වඩා කියලා, නමුත්මෙය අතරමඟ හදාගෙන යනකොට මම කරපු සාකච්ඡාවල දී මට අවබෝධ වුනා, රජය දරන වියදම පුද්ගලික අංශය දරන වියදමට වඩා වැඩි බව.

     

    සමහර රටවල සෞඛ්‍යයට දරන වියදම අපේ රටට වඩා වැඩියි. නමුත් මතක තබා ගන්න ඒ රටවල සෞඛ්‍ය වියදම බොහෝ ප‍්‍රමාණයක් සියයට 75-80 දරන්නේ පුද්ගලික අංශය. ඒ රටවල නිදහස් සෞඛ්‍ය නැහැ. එම රටවල් සෞඛ්‍යට වැඩිම මුදල දරනවා තමයි ඒ ධනපතියන් හට. අපේ රටේ අපි එම මුදල් වියදම් කරන්නේ වැඩි හරියක් නැති බැරි අයට. මෙවර පිළිකා රෝගීන්ට, හෘද රෝගීන්ට, ඇස් නොපෙනෙන අයට, ඊටත් වඩා වැඩි මුදලක් රජය දැරීමට තීන්දු කර තිබෙනවා.මින් රජයේ රෝහල්වලට එන මධ්‍යම පන්තිය, නැති බැරි ජනතාව තමයි ප‍්‍රයෝජන ගන්නේ.සියලු රුධිර පරීක්ෂණ රජයෙන් දෙනවා කීවාම, ඖෂධ හිඟය නැති කරනවා කීවාම ධනපති පන්තියට ද වාසි,ලෝකයේ අනෙක් රටවල තිබෙන ගිණුම් සහ අපේ රටේ තිබෙන ගිණුමේ ඓතිහාසික වෙනසමෙයයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya