සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජුලි මස 29,30 සහ අගොස්තු මස (01) යන දිනයන්හි තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය කටයුතු යොදා තිබුණි.
ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ක‍්‍රීයාත්මක කළ මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ සමස්ත වාර්තාවට අනුව පරිශ‍්‍ර 69,994 පරීක්ෂාවට ලක් කරන ලද අතර එහිදී මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 1403 ක් හදුනාගන්නා ලදි.පරිශ‍්‍ර 8772 ක් නිවැරදි කිරීමටත්, 859 කට නඩු පැවැරීමටත්, 3 238 කට නොතීසි නිකුත් කිරීමටත් පියවර ගෙන තිබුනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදු කරනු ලැබු විවිධ ව්‍යාපෘති හේතුවෙන් මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබේ. ධුමායන කටයුතු, පරීශ‍්‍ර පවිත‍්‍ර කිරීම, ක්ෂණික විහිදුම් බලකා 14 ක් ස්ථාපනය කිරීම සහ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘති අතර වෙයි.
මෙම මදුරු මර්දන වැඩසටහන සදහා ත‍්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශ සාමාජිකයින්ගෙන් යුක්ත කණ්ඩායම් 520 ක් එක්ව සිටියහ.