නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දෙහිවල අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කරන්න“ - අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    අගෝස්තු 04, 2016
    දෙහිවල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කරන්නැයි, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා දෙහිවල - ගල්කිස්ස නාගරික කොමසාරිස් ධම්මික මුතුගල මහතාට උපදෙස් දී ඇත.
     
    අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ  දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දෙහිවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි. 
     
    කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ සහ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක, සුනේත්‍රා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
     
    දෙහිවල හිල්ඩා නිවාස සංකීර්ණය පිටුපස ඇළ මාර්ගය දෙපස සහ ඇළ මාර්ගය අවහිර වන ලෙස ඉදිකළ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගැටළු රැසක් මතුවී ඇති බව, මෙම කමිටු රැස්වීමේදී අනාවරණය විය.සම්බන්ධීකරණ කමිටුව ඒකමතිකව තීරණය කළේ මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවයි. ඒ අනුව මෙම අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට
    කටයුතු කරන ලෙස, අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, දෙහිවල - ගල්කිස්ස නාගරික කොමසාරිස්වරයාට උපදෙස් දී ඇත.
     
    දෙහිවල සත්ත්ව උද්‍යානය අවට සති අන්තයේ අධික මාර්ග තදබදයක් පවතින බවත්, එමඟින් එම ප්‍රදේශයේ නේවාසිකයන් මහත් අපහසුතාවට පත්වන බවත් ඊට හේතුවී ඇත්තේ, සත්ත්ව උද්‍යානය ආසන්නයේ රථ ගාලක් නොමැතිවීම බවත් පෙන්වා දෙන ලදී.
     
    පොලිසිය පැවසුවේ, දැනට සත්ත්ව උද්‍යානයට පැමිණෙන රථ වාහන නවතා තැබීමට, ඒ ආසන්නයේ පිහිටි සුමුදු රාජපක්ෂ මාවත වෙන් කර ඇති නමුත්, පිට පළාත් වලින් පැමිණෙන රියදුරන්ට එම මාර්ගය සොයා ගැනීමට නොහැකි වන බවයි. මේ පිළිබඳව දෙහිවල සත්ත්ව උද්‍යානයටත් වගකීමක් පවතින නිසා, එහි බලධාරීන් සමග ඉදිරියේදී සාකච්ඡාවක් කැඳවන ලෙස, අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
     
    දෙහිවල ප්‍රදේශයේ බාබුල් වලට ගංජා මිශ්‍ර කර විකුණන බවත්, පාසල් සිසුන් පවා එය භාවිත කරන බවත් හෙලිවු අතර බාබුල් මත්ද්‍රව්‍යයක් ලෙස නීතියේ සඳහන් නොවන නිසා, ඊට එරෙහිව ක්‍රියාකළ නොහැකි බව මෙහිදී පොලිසිය පෙන්වා දුණි. 
     
    නීතිය වෙනස් කළ යුතු නම්, ඒ සඳහා කටයුතු කරන ලෙසත්, පාසල් සිසුන් ගැන සිතා බාබුල් සඳහා අවසර නොදෙන ලෙසත්, අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නිලධාරීන්ට පැවසීය. ඊට අමරතව, පොලිසිය සහ අධිකරණ නිලධාරීන් සමඟ මේ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊළඟ සම්බන්ධීකරණ රැස්වීමට පෙර සංවිධානය කරන ලෙසද,අමාත්‍යවරයා දෙහිවල ප්‍රාදේශීය ලේකම් නාලනී සුබ්‍රමනියම් මහත්මියට උපදෙස් දී ඇත. 
     
    මේ ගැටළුව සම්බන්ධයෙන් විශාල වගකීමක් ජනමාධ්‍ය සතු වන බව පැවසූ ෆයිසර් මුස්තෆා මහතා, ජනමාධ්‍යයෙන් ඉල්ලා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව මහජනතාව දැනුවත් කරන ලෙසයි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya