මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාව යලි ගොඩ නගමු - ධිවර රාජ්‍ය අමාත්‍ය

    අගෝස්තු 04, 2016
    ලංකා ධීවර සංස්ථාව මනා කළමනාකරණයකට අනුව ආරක්ෂා කර ගත යුතු රාජ්‍ය ආයතනයක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
    අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුයේ ධීවරයාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් යටතේ ගුණයෙන් පිරි මාළු පරිභෝජනය සදහා අවස්ථාව උදාකරදීමට නම් ධීවර සංස්ථාව රැකගත යුතු බවත් ඒ සදහා ප්‍රතිව්‍යුහගත කිරීමේ නිසි ක්‍රමවේදයක් යටතේ ධීවර සංස්ථාව පවත්වාගෙන යා යුතු බවත්ය .
     
    1957 අංක49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ ලංකා ධීවර සංස්ථාව 1964 වසරේ දී පිහිටුවන ලදී. එහි වාණිජ කටයුතු ආරම්භ කරන ලද්දේ 1965 වසරේ දී ය. පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා යන දෙපාර්ශවයටම වාසිදායක ආකාරයට ජනතා සුභ සිද්ධියට දායක වීමට ලංකා ධීවර සංස්ථාව රජය විසින් පිහිටුවන ලදී. මත්ස්‍ය මිලදී ගැනිම, නිෂ්පාදනය හා වෙළඳාම, ශීතාගාර පහසුකම් සැපයීම හා නඩත්තුව මෙන්ම මත්ස්‍ය අතුරු නිෂ්පාදන වෙළඳාම සඳහා වගකීමෙන් බැදී සිටින ආයතනය ලෙස ලංකා ධීවර සංස්ථාව කටයුතු කරයි. 
              
    එවැනි ජනතා සේවයක් සැලසීම වෙනුවෙන් ආරම්භ කල ධීවර සංස්ථාව යලි ගොඩගැනීමේ කාර්යට අත දීමට තමන් සුදානම් බවත් ඒ සදහා නිවැරදි වැඩ පිළිවෙලක් මෙන්ම ක්‍රමවේදයක් තමා සතුව පවතින බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya