අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට බලපානවා - වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා

    අගෝස්තු 04, 2016

    මද්‍යසාර භාවිතය පුද්ගලයකුගේ ආයුෂ අඩුවීමට බලපාන ප්‍රධාන සාධකයක් වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මානසික සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි.

    මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම පිළිබඳව ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය මේ බව සඳහන් කළාය.

     

    මද්‍යසාර භාවිතය හේතුවෙන් දිළිඳුබව ඇති වීම, කාන්තාවන් හිංසනයට ලක්වීම, සියදිවි නසාගැනීම, ආදී කරුණු සඳහා හේතුවන බව ද වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පැවසුවාය.


    මේ සම්බන්ධයෙන් කථිකාවක් ඇති කළ යුතුයි.මද්‍යසාර භාවිතය වැඩියි. 2012 සමීක්ෂණයට අනුව සියයට 39.6%ක්. කාන්තාවන් සියයට 2.4%ක්. කාන්තාවන්ගේ මද්‍යසාර සඳහා ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. විශේෂයෙන් මහදිසි අනතුරුවලට මද්‍යසාර භාවිතය හේතු වෙනවා. අනතුරුවලින් පහෙන් එකක් මද්‍යසාර භාවිතය නිසා සිදුවන අනතුරු බව ද වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya