අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැණිබීමවල සිනි මට්ටම දැක්වෙන වර්ණ සංකේත ක‍්‍රියාත්මක කෙරේ

    අගෝස්තු 03, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 1980 අංක 26 දරන ආහාර පනතට අනුව බීම බෝතල්වල සිනි මට්ටම සඳහා වර්ණ සංකේත නිකුත් කිරීමේ  නියෝග අගෝස්තු මස (01) සිට ක‍්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඊට අදාළ ගැසට් නිවේදනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

    සිනි මට්ටම සදහා වර්ණ සංකේත නිකුත් කිරීමේ නියෝග කඩ කර බීම බෝතල් අලෙවිකරන වෙළඳ සැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මගින් විශේෂ වැටලීම් සිදු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප‍්‍රකාශ කරයි.

    මෙම නියෝග ක‍්‍රීයාත්මක කිරීම පිළිබඳව බීම නිෂ්පාදන කර්මාන්තකරුවන් සහ වාණිජ මණ්ඩල නිලධාරින් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya