අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සියසෙත සෙවණ'' මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    අගෝස්තු 03, 2016

    දිවිසරු පුරවර'' ව්‍යාපෘතියට සමගාමීව ඉදිකරන ලද  මාළිගාවත්ත ප්‍රදීපා මාවතේ, නිවාස ඒකක 266කින් සමන්විත සියසෙත සෙවණ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකරිය ක්‍රියාත්මක කරයි.


    නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම, අගෝස්තු මස 05 දින සවස 5.00ට යෙදෙන සුබ මොහොතින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    මේ අවස්ථාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරු සහභගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya