මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිර්ණායක මත කටයුතු නොකරන්නේ නම් ප්‍රතිපාදන නැහැ- අධ්‍යාපන ඇමැති

    අගෝස්තු 02, 2016

    පාසල් පද්ධතිය තුළ, සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීමේ අරමුණින් රජය විසින් ක්‍රියාවට නංවා ඇති ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ පාසල් සංවර්ධනය කිරීමේ දී, ජාතික මට්ටමින් හඳුන්වා දී ඇති නිර්ණායක මත කටයුතු නොකරන කිසිම පළාත් සභාවකට මුදල් ප්‍රතිපාදන ලබා ‍නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    පසුගිය දා ගල්ගමුව යූ බී වන්නිනායක ජාතික පාසලේ නව තෙමහල්  ගොඩනැගිල්ල හා විදුහල්පති නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ දරුවන්ගේ අනාගතය සකස් කරදීම වෙනුවෙන් නිවැරදිව සහ නොබියව තීරණ ගන්නට තමා කිසිසේත් පසුබට නොවන බවයි.

     

    සෙසු අමාත්‍යාංශවලට සාපේක්ෂව අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් සභා සමඟ එක් වී ‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන සුවිශේෂි වැඩසටහන්ක් ලෙස ක්‍රියාත්මක  කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    දැනුම පදනම් කරගත් රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම වෙනුවෙන් ඉදිරියේ දී පියවර ගන්නා බවත් මෙතෙක් නොවිසඳී ඇති ගුරු මාර ගැටලුට ද ඉදිරියේ ස්ථීර විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya