අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව අද සිට

    අගෝස්තු 01, 2016

    සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව අද (01) සිට ලබන 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වේ.

    මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාල ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ල ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සහ ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

     

    රාජ්‍යයන් ඇතුළත මෙන්ම දේශ  සීමාවන් හරහා සිදු කරන ගුවන් ප්‍රවාහනයේ දී නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවයල ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම, නියාමන කටයුතු අදාළ රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ.  සිවිල් ගුවන් සේවාවට අදාළ ජාත්‍යන්තර රීති සහ ප්‍රමිති ඒකාකාරී සහ ස්ථිර පදනමක් මත ක්‍රියාත්මක කිරීම හා අනුගමනය කිරීම පොදු අරමුණක සිට සාමූහිකව කටයුතු කිරීමේ අරමුණ ඇතිව 1960 වර්ෂයේ සිට වාර්ෂිකව මෙම සමුළුව පැවැත්වේ.


        
    මීට පෙර 1990දී 26 වන සමුළුව ලංකාවේදී පැවැත්වූ අතර  2016 මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටය.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ නියෝජිත ආයතනයක් වශයෙන් 1944 වර්ෂයේ සම්මත කරන ලද ජාත්‍යන්තර සිවිල්ගුවන් සේවා සම්මුතියෙහි විධි විධාන යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO)  පිහිටුවන ලදී.  1948 වර්ෂයේ ශ්‍රී ලංකාව ද එම සම්මුතියේ පාර්ශවකරුවෙක් බවට පත්විය.

     

    ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධිනයේ (ICAO) ආසියා ශාන්තිකර කලාපීය වාර්ෂික වැඩසටහනේ අදාළ රාජ්‍යයන්හි සිවිල් ගුවන් සේවා බලධාරින්ගේ ප්‍රධානම හමුවීම වන්නේ මෙම සමුළුව වන අතර, කලාපිය ගුවන් සේවා ප්‍රගමනය වෙනුවෙන් ඉතා වැදගත් කරුණු සාකච්ඡා කිරීමට මෙවර න්‍යය පත්‍රයට ඇතුළත් කර ඇත.

     

    මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්‍යක්ෂවරයා ද සහභාගි වේග  ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ  71 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya