මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර මදුරුවන් නිසා දිනකදී 1113ට නොතීසි

    ජූලි 31, 2016

    බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රීක්කවල ක‍්‍රියාත්මක කළ තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේදීම 1113කට නොතීසි නිකුත් කිරිමට පියවර ගෙන 267කට නඩු පැවරිමට කටයුතු කර තිබෙන බව සෞඛ්‍ය, පොෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බස්නාහිර පළාත පමණක් කේන්ද්‍ර කර ගිනිමින් මෙම තෙදින ඩෙංගු මදුරු වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අද සහ හෙට දෙදින තුළ මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    පසුගිය29 දිනයේදී පරිශ‍්‍ර 22,140 පරීක්ෂාවට ලක් කර තිබෙන අතර මදුරු කීටයින් සහිත පරිශ්‍ර‍ 393 හඳුනා ගත් බවත් පරිශ්‍ර‍2890ක් නිවැරදි කිරීමටත් කටයුතු කර තිබේ.


    ධුමායන කටයුතු, පරීශ‍්‍ර පවිත‍්‍ර කිරීම, ක්ෂණික විහිදුම් බලකා 14 ක් ස්ථාපනය කිරීම සහ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම එම ව්‍යාපෘති අතර වේ.

    මෙම මදුරු මර්දන වැඩසටහන සඳහා ත‍්‍රිවිධ හමුදා සහ සෞඛ්‍ය අංශ සාමාජිකයින්ගෙන් යුක්ත කණ්ඩායම් 520 ක් එක්ව සිටිති. එමෙන්ම මහනුවර, ගාල්ල, මාතර, මතලේ යන දිස්ත‍්‍රික්කවල ද මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya