අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාලන්දා රණවිරු උපහාර පිදේ

    ජූලි 29, 2016

    ‍ලංකා මාතාවගේ නිදහස වෙනුවෙන් දිවිපිදූ නාලන්දා වීර පුතුන් සිහි කිරීම උදෙසා අඛණ්ඩව 15 වන වරටත් නාලන්දා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් නාලන්දා රණවිරු උපහාර උළෙල ඊයේ (28) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත්විණි.

    නාලන්දා මාතාවගෙන් බිහි වූ ඒ උදාර රණවිරුවන් සිහි කර ත්‍රිවිඩ හමුදාවේ, පොලීසියේ ආරාධිත නිලධාරීන් සහ අනෙකුත් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ඔවුන්ට පුෂ්පෝපහාර පිදීම මෙදින සිදු කෙරිණි.

    රටවෙනුවෙන් දිවිහිමියෙන් සටන් කර මිය ගිය එම රණවිරුවන් ස්මරණය කර ඔවුන් එම සේවය වෙනුවෙන් ගෞරව කිරීම අපගේ යුතුකමක් ලෙස සැලකීමේ අරමුණින් මෙම උළෙල ප්‍රධාන වශයෙන් සංවිධානය කර තිබිණි.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, මේජර් ජනරාල් මිලින්ද පීරිස්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා කොමදෝරු පීඑම්එල් එදිරිසිංහ, නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, නාලන්දා විද්‍යාලයේ විදුහල්පති රංජිත් ජයසුන්දර යන මහත්වරුන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්ලේ සමාජිකයන් හා ආබාධිත රණවිරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya