අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැනේඩියානු විදේශ ඇමතිවරයා උතුරේ ආණ්ඩුකාරවරයා හමුවේ

    ජූලි 29, 2016
    කැනේඩියානු විදේශ ඇමති ස්ටෙෆාන් ඩියෝන් මහතා අද උතුරු පළාත්ආණ්ඩුකාරවර රෙජිනෝලඩ් කුරේ මහතා යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී හමුවිය.
    මෙහිදී උතුරේ අවතැන්වූ ජනතාව නැවත පදිංචි කරවීම පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. තවද නැවත පදිංචි කිරීම පිළිබඳව මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව කැනේඩියානු විදේශ ඇමති දැනුවත් කිරීමක්ද සිදුකරනු ලැබීය.
     
    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මේවන විටත් පවුල් එක්ලක්ෂහැටදාහකට වැඩි ප්‍රමාණයක් නැවත පදිංචිකර ඇති අතර යාපනය ප්‍රදේශයේ පවුල් 12,000ක් පමණ පදිංචි කරවීමට ඇති බවත්ය.
     
    මෙම පිරිස පදිංචි කරවීම සඳහා අක්කර 2,500ක භූමි ප්‍රමාණයක් නිදහස්කරවීමටද කටයුතු කර ඇති බවත් ඉතිරි ඉඩම් පියවරෙන් පියවර අයිතිකරුවන්හට පැවරීමට කටයුතු කරනබවත්පැවසීය.
     
    දැනට කඳවුරුවල සිටින ජනතාව සඳහා කන්කසන්තුරේ ප්‍රදේශයේ ඇති ඉඩම් අක්කර 62ක් රජයට පවරාගෙන එම ඉඩම් සඳහා එක් අයෙකුට පර්චස් 20 බැගින්  ලබාදීමට පියවර ගෙන ඇති අතර ඊට අමතරව පලාලි හා අලිමංකඩ යන ප්‍රදේශවලින්ද ඉඩම් රජයට පවරා ගෙන ජනතාව පදිංචිකරවීමට සූදානම් කර තිබේ.
     
    මෙහිදී සිංහල සහ දමිළ භාෂා ඥානය දියුණු කිරීම සඳහා කැනේඩියානු රජය අවශ්‍ය මුදල්ආධාර ලබාදීමට පොරොන්දුවූ අතර එහිදී සිංහල සහ දමිළ භාෂා ගුරුවරුන් පුහුණු කරවීමට යන මුදල් කැනේඩියානු රජය විසින් ලබාදීමට පොරොන්දුවිය.
     
    යුද්ධය නිසා අසරණවූ කාන්තාවන් සඳහා ආධාර ලබාදීමටත් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය සලකා බැලීම පිළිබඳවත් එකගතාවයකට පැමිණියහ. අවසාන වශයෙන් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලෝකයේ තිබෙන කිසිදු ආණ්ඩු ක්‍රමයක් අපි අනුකරණය කල යුතු නොමැති අතර ෆෙඩරල් හා ඒකීය යන වචන වලට පැටලී වාද විවාද කරනවාට වඩා හොඳ දේ වන්නේ රටට අවශ්‍ය සුවිශේෂවූ ප්‍රායෝගිකවූ ජාතීන් අතර එක්සත්කම ලගා කර ගත හැකි ක්‍රමයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් බවයි.
     
    AP/DMU-Jaffna

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya