අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට මැදිහත් වෙනවා - අධ්‍යාපන ඇමැති

    ජූලි 29, 2016

    රටේ අධ්‍යාපන පද්ධතිය නගාසිටුවීමේ දී පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ජාතික වගකීමක් බවත්, ඒ සඳහා විෂයභාර අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකාරීව මැදිහත්වන බවත් ‍අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී ජාතික පිරිවෙන් දින රාජ්‍ය උත්සවය පසුගියදා පැවති අතර එහිදී අමාත්‍යරයා මේ බව සඳහන් කළේය.


    ‘සසුනට දිරිදෙන - සුරකිමු පිරිවෙන’ තේමාව යටතේ පවත්වන ලද මෙවර ජාතික පිරිවෙන් දින උත්සවයේ දී සංවර්ධන අවශ්‍යතා සහිත තෝරාගත් පිරිවෙන් 20 ක සංවර්ධන කටයුතු වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් දෙලක්ෂ හැටදහස බැගින් වූ මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ, රාමඤ්ඤ නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේ, මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයින් වහන්සේ විද්‍යෝදය හා විද්‍යාලංකාර පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත මහාචාර්ය නාඹිරිත්තන්කඩවර ඤාණරතන හිමියන්, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍ය එස් බී දිසානායක,  ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya