අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටඹේදී පිරිසක් ගිලන් රථයකට පහර දීම ගැන විමර්ශනයක්

    ජූලි 29, 2016

    ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාව ඊයේ (28) මහනුවරින් ආරම්භ වූ අතර පාද යාත්‍රාව ගමන් කරන අවස්ථාවේදී පේරාදෙණිය පොලිස් වසමේ ගැටඹේ පන්සල අසලදී කලහකාරී පිරිසක් විසින් ගිලන් රථයකට පහරදීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    පාද යාත්‍රාවට සහභාගි වූ කණ්ඩායමක් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගැටඹේ පන්සල අසල රැස්ව සිටි අවස්ථාවේ පේරාදෙණිය රෝහල වෙත රෝගියෙකු රැගෙන යාම සඳහා ගමන්ගත් ගිලන රථය එම පිරිස අතරින් ධාවනය කිරීමේදී කලහකාරී පිරිස විසින් මෙම ගිලන් රථයට පහර දී ඇත.

     

    මෙම සිද්ධියට ලක් වූ මහනුවර පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථය පහරදීම හේතුවෙන් අලාභ සිදු වී තිබේ.

     

    මෙම සිද්ධිය සම්බන්ධව පොලිස් විමර්ශන කටයුතු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයුස් යටතේ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya